ඔන්න අද මම අරගෙන ආවා නියම සොෆ්ට්වෙයාර් කෑල්ලක්. මේක තමයි Teamviewer. ගොඩක් දෙනෙක් පාවිච්චි කරලා ඇති. ඒත් පාවිච්චි කරලා නැති අයට මම ටිකක් කියන්නම් මේක ගැන.මේකෙන් මුලිකවම කරන්න පුළුවන් දේ තමයි වෙන කෙනෙක්ගේ පරිගණකයට ලොග් වෙන්න පුළුවන් වීම.බය වෙන්න එපා. මේ සොෆ්ට්වෙයාර් ඒකට ගියාම අපිට ID එකක් සහ පාස්වර්ඩ් එකක් දෙනවා. ඒක අපේ අනිත් යාලුවට දුන්නම එයටත් මේ සොෆ්ට්වෙයාර් ඒක හරහා ඒ ID එක සහ පාස්වර්ඩ් එක ඇතුල් කලාම අපේ පරිගණකයට ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ පරිගණකයේ වැඩ කරන්න පුළුවන්. වෙන කෙනෙක්ට ලොග් වෙන්න පුළුවන් වෙන්නේ අපි ID එක සහ පාස්වර්ඩ් එක දුන්නොත් තමයි. හැම වෙලේම සොෆ්ට්වෙයාර් එකට යද්දී ඒවා වෙනස්වෙනවා. ඒ නිසා ඒක ගන බය වෙන්නද දෙකුත් නැහැ.
මම කියන්නම් මේකෙන් ගන්න පුළුවන් ප්රයෝජන. හිතන්න අපි මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරනවා එහෙම නැත්තම් මොකක් හරිසොෆ්ට්වෙයාර් එකක වැඩ කරනවා. නමුත් අපිට ඒක කරගන්න තේරෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම්. එයාට මේක හරහා අපේ පරිගණකයට ලොග් වෙලා ඒ වැඩේ කරලා දෙන්න පුළුවන්. මේකට අන්තර්ජාල සම්බන්ධතාවය තියෙන්නත් ඕන. මුලික්ම දේ ඕක තමයි. ඒ කියන්නේ අපි හිර වුන තැනකදී වෙන කෙනෙක්ගේ උදව් ගන්න පුළුවන්. මොකක් හරි වැඩක කරනවා නම් ඒ වැඩේ අපේ ක්ලයන්ට්ට පෙන්නන්නත් මේක ගොඩක් උදව් වෙනවා. තව ගොඩක් වැඩ කරගන්න පුළුවන් වෙයි මේකෙන්. උත්සහ කරලා බලන්නකෝ.




0 comments:
Post a Comment