කොටස් වෙළඳපොල කියන්නේ සමාගම් වල
කොටස් මිලදී ගන්න සහ විකුනන්න පුළුවන් තැනක්. ලංකාවේ තියෙන්නේ කොළඹ කොටස් වෙළඳපල
විතරයි. මේ වෙද්දී කොළඹ කොටස් වෙළඳපලේ 290ක පමණ ලැයිස්තු ගත කරලා තියෙනවා. අපි මේ
සමාගම් වලට කියනවා මිල කල සමාගම් කියල. මිල කල සමාගම් වලට උදාහරණ විදියට ඩයලොග්,
ජෝන් කීල්ස්, කාර්ගිල්ස්, සොෆ්ට්ලොජික්, සිලෝන් ටොබැකො, හේමාස් , ලාස්ෆ් ගෑස් වගේ සමාගම් දක්වන්න
පුළුවන්. ඒ වගේම බැංකු, මුල්‍ය සමාගම්, රක්ෂණ සමාගම්, හෝටල් , පුද්ගලික රෝහල් ගොඩක් ලැයිස්තු ගත කරලා තියෙනවා.
කොළඹ කොටස් වෙළඳපල නියාමනය කරන්නේ
එහෙමත් නැත්තම් පාලනය කරන්නේ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව මඟින්. ඒ වගේම
අපිට කොටස් වෙළඳපලට සම්බන්ධ වෙන්න නම් මධ්‍යම තැන්පතු ක්රමයේ (CDS
- Central Depository System) ගිණුමක් අවශ්‍ය වෙනවා. අපිට මේ
ගිණුමක් ආරම්භ කරන්න වෙන්නේ ලියාපදිංචි කොටස් තැරැව්කරුවෙක් හරහායි. ඒක අපිට
නොමිලේම කරගන්න පුළුවන්. මේ වෙද්දී ලියාපදිංචි කොටස් තැරැව්කාර සමාගම් කිහීපයක්
තියෙනවා. ඒ අයගෙන් කැමති කෙනෙක් ගාව අපිට CDS ගිණුම ආරම්භ
කරන්න පුළුවන්.බ්‍රෝකර් ආයතනයක් විස්තර දැනගැනීමට මෙතන ඔබන්න
CDS ගිණුම ආරම්භ
කරන්න අවශ්‍ය වෙන්නේ ජාතික හැඳුනුම්පතේ හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතකුයි,
පදිංචිය තහවුරු කරන්න මොකක් හරි බිල් එකකුයි විතරයි (ජල,විදුලි හෝ දුරකථන බිල් එකක් හෝ බැංකු පොතක්). මේවා එක්ක එයාලා අපිට දෙන
අයදුම්පත පුරවල දුන්නහම දවස් 2කින් විතර අපේ CDS ගිණුම විවෘත කරනවා. දවස් දෙකකින් පමණ බ්‍රෝකර් ආයතනයට කතා කිරීමෙන් අපට
එය හරියටම දැනගත හැක
හරි අපි දැන් ගිණුම විවර්ත කරගෙන
තියෙන්නේ. ගිණුම විවෘත වුනාට පස්සේ අපිට
ගනුදෙනු කරන්න පුළුවන්. ඒත් එකට අපිට මුදල් අවශ්‍ය වෙනවා. CDS
ගිණුමක තැන්පත් කරන්න පුළුවන් වෙන්නේ කොටස් විතරයි. ඒක නිසා අපිට
අවශ්‍ය කොටස් ගන්න අපි මුදල් තැන්පත් කරන්න ඕන කොටස් තැරැව්කාර සමාගමේ ගිනුමටයි. CDS
ගිණුම ආරම්භ කලහම එයාල අපිට එයාලගේ බැංකු ගිණුම් වල විස්තර
දෙනවා. එයාලගේ ගිණුමට මුදල් දාලා එයාලට දැන්නුවම අපිට ඒ ගණනට අදාලව කොටස් ගන්න
පුළුවන්. බය වෙන්න එපා මෙහෙම මුදල් තැන්පත් කරද්දී කිසිම අක්‍රමිකතාවක් වෙන්නේ
නැහැ.
දැන් මෙහෙම මුදල් තැන්පත් කලාට
පස්සේ අපිට කොටස් ගන්න පුළුවන් වෙනවා. ඒත් හදිස්සි වෙලා නිකන් මුදල් නාස්ති කරගන්න
එපා. ඊළඟ පොස්ට් එකෙන් මම තවත් මේකේ තියෙන දේවල් ටිකක් කියල දෙන්නම්. ඒ කියන්නේ
කොටස් මිලදී ගන්න ආකාරය, කොටස් වර්ග,
කොටස් වෙළඳපලේ සමාගම් ලැයිස්තු ගත කරලා තියෙන පුවරු වගේ දේවල්.
එතකන් ඉවසල ඉන්න
0 comments:
Post a Comment