ජීවිතය කියන්නේ සුන්දරත්වය පිරුණු රෝස මල්
යහනාවක් නෙමෙයි. මේ ජීවිත ගමනේ දී අපිට ලේසියෙන් ගමන් කළ හැකි සමතලා බිම් තීර වගේ
ම ගමන් කිරීමට තබා සිතීමටත් අපහසු ගිරිදුර්ගයනුත් කොතෙකුත් හමුවෙනවා. ඒත් මේ
ගිරිදුර්ගයන් තරණය කරලා කොහොම හරි අපේ ඉලක්කයට යාමටයි අපි දක්ෂ විය යුත්තේ. අප
උත්සාහ කළ යුත්තේ ද එයට මයි.
රාජාලියාගේ කතාව රාජාලියා කියන්නේ දීර්ඝ කාලයක්
ජීවත් විය හැකි පක්ෂි විශේෂයක්. සාමාන්‍යයෙන් රාජාලියාගේ ආයු කාලය වසර 70ක් පමණ වනවා. නමුත් මේ සම්පුර්ණ කාලය ම රාජාලියා
ජීවත් වන්නේ නම් ඌට තම ජීවිතයේ ඉතා දුෂ්කර එක්තරා සන්ධිස්ථානයකට මුහුණ දීමට සිදු
වෙනවා. ඒ වයස අවුරුදු 40 දී. එහි දී ඌ ගන්නා තීරණය මතයි උගේ මුළු ජීවිතය
ම රඳා පවතින්නේ. රාජාලියා සතු වන්නේ ඉතා විශාල ඝන පිහාටු. වයස හතළිහ පමණ වන විට
උගේ පැරණි පියාපත් ඇඟට ඇලීම හේතුවෙන් ඌට පියාඹන්න අපහසු වෙනවා. උගේ දිගු හා උල් හොට
වකුටු වෙනවා සේ ම දිගු හා නම්‍යශීලි නියපොතු අඩපණ වීමට පටන් ගන්නවා. මෙහි අවසන්
ඵලය ඌට හරිහැටි ගොදුරු ඩැහැ ගැනීමට නොහැකි වීම යි. මේ තත්ත්වයෙන් මිදෙන්නට
රාජාලියට ඇත්තේ විකල්ප දෙකයි. ඉන් පළමුවැන්න ලෙහෙසියි, පහසුයි.
ඒ තමයි, රාජාලියා කිසිම උත්සාහයකින් තොරව බඩගින්නේ සිට
ජීවිතය අවසන් කර ගැනීම. අනෙක් මාර්ගය ලෙහෙසි පහසු නැති දුෂ්කර මාර්ගයක්.
උත්සාහයෙන් සාර්ථක විය හැකි මඟක්. මේ සඳහා ගත වන කාලය දින එකසිය පනහක්. එය දැඩි
වේදනාකාරී හා පීඩාකාරී කාල සීමාවක්. වෙනස් වීමේ ක්‍රියාවලියට මුහුණ දීමට රාජාලියා
උස් කඳු මුදුනකට පියඹා යනවා. අනතුරුව ඌ හොටය සම්පූර්ණයෙන් ගෙවී යන තුරු ගල්තලාවක
අතුල්ලනවා. හොටය යථා තත්ත්වයට පත් වන තෙක් ඉවසා සිටින රාජාලියා, ඉතාමත් ධෛර්යවන්ත ව තම දිරාපත් වූ පියාපත් එකින්
එක ගලවා දමා තම ස්වරූපය ද සම්පූර්ණයෙන් ම වෙනස් කර ගන්නවා. මාස පහකට පමණ පසුව
පුනර්ජීවය ලබන රාජාලියා නැවතත් තම පිහාටු යථා තත්ත්වයට පත්කර ගන්නවා. ඉන් පසු
රාජාලියාගේ ආයු කාලය වසර තිහකටත් අධික වන බවයි සාමාන්‍ය පිළිගැනීම වන්නේ.
රාජාලියාගේ කථාව එපමණයි…
මඟ අසීරුයි කියා මැසිවිලි නොනගා නොබිය ව ඉදිරියට
යන්න. සාර්ථකත්වය ඔබ ළඟයි. මේ ධර්ම මාර්ගය යනු පුරුදු පුහුණු කළ යුතු ප්‍රතිපදාවක්
මිස හුදු මතකයක් හෝ කටපාඩමක් නම් නො වෙයි…! ජීවිතය
අලුතින් පටන් ගන්න… මේ වෙනස් වන්නට කාලය යි. උත්සහාය අත්නොහරින්න.
අන්තිම මොහොත දක්වාම උත්සාහ කරන්න. ආත්ම ශක්තිය ඇති කර ගන්න. අදිටනින් සිතුවහොත්
කිරීමට නොහැකි දෙයක් නොමැති බව විශ්වාස කරන්න.
උපුටා ගැනීම අයෝමි
පලිහවඩන
0 comments:
Post a Comment