ඔයාලට ඕනෙ නම් එකම machin එකෙන් Skype account කිහිපයකට log වෙන්න ,ඒ වගේම එකම web Browser එකකින් ඔයාලගෙ තියන Gmail,Facebook account කිහිපයකට එකම වෙලාවෙ log වෙන්න ,ඔයාලට පුලුවන් මේ ක්රමය අත්හදා බලන්න .
උදාහරනයක් විදියට මම කියන්නම් එකම වෙලාවෙ Facebook account කිහිපයකට log වෙන අකාරය ගැන .
මේකයි ක්රමය ,
.මුලුන්ම කරන්න තියෙන්නෙ ඔයාලගෙ machin එකෙ Desktop එකේ Right click කරල new ගිහින් Shortcut කියන එක click කරන්න .
.එවිට ඔයාලට create Shortcut කියල window එකක් දැකගන්න පුලුවන් වෙයි .
ඒකෙ Browse කරන්න තැනක් ඇති , එතනට ගිහින් Browse කියන එක click කරල
Computer>>Local Disk (c:)>>program files>>Mozila firefox වලට යන්න .
ගිහින් ඒකෙ තියන firefox කියන .exe file එක තෝරල ok කරන්න .
එවිට ඔයාල Browse කරපු තැන මේ වගේ දැක ගන්න පුලුවන් .
"C:\Program Files\Mozilla Firefox \firefox.exe"

දැන් "C:\Program Files\Mozilla Firefox\firefox.exe".exe" ඉදිරියෙන් Space එකක් තියල /secondary කියල Type කරන්න .
මෙන්න මේ වගේ
"C:\Program Files\Mozilla Firefox\firefox.exe" /secondary

ඊට පස්සෙ next කරල ,ඔයාලට shortcut එක තියාගන්න කැමති නම Type කරන්න .
.මම නම් firefox1 කියල දුන්න .
දැන් ඉතින් shortcut එක හැදිල ඉවරයි ,ඒක click කරල තව facebook account එකකට log වෙන්න පුලුවන්.
ඔයාලට /secondary1 , /secondary2 ........ලෙස ඕන තරම් shortcut හදා ගන්න පුලුවන් .


0 comments:
Post a Comment