නොමිළේ අබාගත හැකි ප්‍රතිවයිරස් මෘදුකාංග අතරින් ජනප්‍රියම ප්‍රතිවයිරස් මෘදුකාංගයක් තමයි “AVG Antivirus Free” කියන්නේ. ඊයේ දිනයේදී AVG Technologies විසින් AVG Antivirus Free හී නවතම සංස්කරණය නිකුත් කරනු ලැබුවා. ඒ AVG Antivirus Free 2013 ලෙසයි. ඉතින් මේ නව සංස්කරණයෙහි අලුත් විශේෂාංගයන් බොහොමයක් ඇතුලත්.
මුලින්ම කිවයුතු මෙම නව සංස්කරණයේ දී බොහොම අපූරු අලුත් අතුරු මුහුණතක් අපට හදුන්වා දී තිබෙනවා.
- Antivirus protection
- Email Scanner
- Link Scanner
- Social Networking Protection
- Do Not Track
- Identity Protection
- WiFi Guard
මෙම වැඩසටහන පරිගණකයේ ස්ථාපිත කරනා විට ඔබට අනවශ්‍ය යැයි හැගෙනා modules disable කරගැනීමට ඔබට පුළුවන්. ඒ වගේම ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය අතර තුරම ඔබට අවශ්‍ය නම් AVG gadget, personal e-mail scanner, identity protection and AVG Surf-Shield වැනි විශේෂාංගයන් අනවශ්‍යයි නම් ඒවා block කරගැනීමටත් පුළුවන්.
මෙය ඔබට web installer එකක් ලෙසින් හෝ offline installer එකක් ලෙසින් යන දෙයාකාරයෙන් ඔබ කැමති විදියකින් download කරගනීමට ඔවුන් පහසුකම් සලසා දී හිබෙනවා.


0 comments:
Post a Comment