කොටස් වෙළදපල මේ වන විට ඉතා විශාල ලෙස කඩා
වැටීමකට ලක් වෙලා තිබෙන අවස්ථාවක්. කඩා වැටීම
කොපමණද කියනවනම් 2020/02/20 සියලු කොටස් මිල දර්සකය එකක 5833 පැවතුන අතර 2020/03/20
වන දින සියලු කොටස් මිල දර්ශකය 4571 දක්වා පහල ගියේය.
( ඉදිරි සතියේද කොටස් වෙළදපොළ පහල යමක් දක්නට ලැබනු ඇති ) මෙමෙ මසක ඇතුලත කාලයේදී එකක
1262 පහල ගිය අතර එය ප්‍රතිසතයක් ලෙස ගත කළ 21% පහල යාමකි. ඇත්තටම
අද මම ඒ ගැන නෙමෙයි කතා කරන්න යන්නේ. අද කියන්න යන්නේ මාර්කට් එක වැටිලා තියේන
අවස්ථාවේ ගන්න හොද, අරගෙන ගොඩ යන්න පුළුවන් කොටස් කිහිපයක් ගැන..
01 COMMERCIAL BANK OF CEYLON PLC
Commercial bank කොටසක අවසාන විකුණුම් මිල වූ යේ රුපියල් 60.10 ලෙසිනි
කොමර්ෂල් බැංකුව 2019 හා 2018 යන වර්ෂ වලදී රුපියල් 4.50 බැගින් කොටසකට ලබංශ ගෙවා ඇත තවද , ඔබ මෙම මස 31 වනදාට පෙර කොටස් ගතහොත් කොටස් 42 කට 1ක් කොටසක් ලබා දෙ......
ඔබ රුපියල් 60 කට කොටසක් මිලදී ගතහොත් සියයට 9.5% ක් අවුරුද්දකට ලබංශ වශයෙන් ඔබට ලැබේ... මෙමෙ කොටස ඉදිරි මාස තුනේ දි ,එක කොටසක මිල 100 වූ හොත් 40% ප්‍රාග්ධන ලාබයක් තිබේ
02 SAMPATH BANK PLC
සම්පත් බැංකුවක කොටසක අවසාන විකුණුම් මිල වූ යේ 119
ලෙසිනි මෙම මස 31 වනදාට පෙර මිලදී ගැනීමෙන් එක කොටසකට රුපියල් 11.75ක් ලබංශ
වශයෙන් ලබා
දේ .
මෙම සමගම ඔබට සියයට 9.8% ක්
අවුරුද්දකට ලබංශ වශයෙන් ඔබට ලැබේවී..... තවද
තවද ඉදිරි මාස තුන තුලදී එක් කොටසක මිල රුපියල් 170 වූ හොත් 42% ප්‍රාග්ධන ලාබයක් හිමි වේ.
03 EXPOLANKA HOLDINGS PLC
Expo lanka කොටසක මිල ගතහොත් පසුගිය දා අවසන් වරට විකුණුම්
මිල වූ යේ එක් කොටසක් රුපියල් 2.00 කටය නමුත් එදින එම කොටස රුපියල් 1.80 කිකිණි තිබේ. මෙමෙ කොටස මෙතරම් අඩුවට
පැමිණි පළමු වතාවයි මෙම කොටස ඔබ රුපියල් 2 බැගින් මිලදී ගෙන ඉදිරි මස තුනේ දි එක් කොටසක්
රුපියල් 4 බැගින් විකිනියහොත් 100% ප්‍රාග්ධන ලාබයක් ලබා ගැනීමට හැක
04 JOHN KEELLS HOLDINGS PLC
හැමෝම දන්නා කොටසක් තමයි JKH කියන්නේ මමනම්
හිතන්නේ මේ තමයි . මෙම කොටස මේ මිලට ලබා ගැනීමට පුළුවන්වන අවසාන අවස්ථාව ... අවසන් වරට විකුණුම් මිල වූ යේ
රුපියල් 115.40 ලෙසටයි ..
මේ වෙලාවේ ගන්න හොද තව කොටස් කීපයක් තියෙනවා ඒවා ඉදිරි ලිපියකදී කියන්නම් ..තව දැන ගන්න අවශ්‍ය දේවල් තියෙනවනම් කොමෙන්ට් එකක් දාන්න ...
0 comments:
Post a Comment