බ්ලු
චිප් සමාගම් කියන වචනය ආයෝජනය කරන අයට
බොහෝ විට අසන්නට ලැබෙන වචනයක් බ්ලු චිප්
කියන වචනය අහලා තිබුනත් ඇයි ඒ සමාගම් වලට බ්ලු චිප් සමාගම් කියන්නේ හා එම සමාගම්
වල කොටස් මිලදී ගැනීමෙන් ආයෝජකයන් සුරක්ෂිත
ඇයි කියලා දැන ගන්න මේ ලිපිය කියවන්න.
බ්ලු
චිප් කියන වචනය බාවිතා කරන්නේ පෝකර් කියන සුදු ක්‍රීඩාවේ. ඉතින් මේ පෝකර් කියන
සූදු ක්‍රීඩාවේ බාවිතා වෙන වර්ණ කීපයක් තියෙනවා සුදු,රතු හා නිල් යන වර්ණ. සුදු වර්ණයට හුරු චිප් වලින් අවම වටිනාකමක්
පෙන්නුම් කරන අතර රතු වර්ණයෙන් සාමාන්‍ය අගයක් පෙන්නුම් කරනු අතර. බ්ලු චිප් වලින්
ඉහලම අගය පෙන්නුම් කරයි. ඉතින් පෝකර් කියන
සූදු ක්‍රීඩාවෙන් තමයි මෙම වචනය කොටස් වෙළදපලට පැමින තිබේ.
බ්ලු
චිප් සමාගම් යනුවෙන් හදුවන්නේ බොහෝ දෙනා හොදින්
දන්නා හොදින් ස්ථාපිත වූ හා හොදින් ප්රාග්ධරණි කරණය වී ඇති සමාගම්ය. එමෙන්ම එම සමාගම් සිය අංශයේ ප්‍රමුක සමාගම ලෙස සලකනු ලබන අතර ප්‍රමුක බාන්ඩ හා සේවා
නිෂ්පාදනය කරයි. උදාහරණයක් ලෙස බැංකු සේස්ත්රය ගතහොත් එම අංශයේ ඉහලින්ම සිටින්නේ
සම්පත් බැංකුව,කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් වැනි
බැංකු සමාගම්ය..
බ්ලු
චිප් කොටස් ලෙස සලකන්නේ ඉහත කි සමාගම් වලට අයත් කොටස්ය. බ්ලු චිප් සමාගම් වසරින් වසර ස්ථාවර ඉපැයීම් ලබා දෙන අතර
. එබැවින් එම සමාගම් සාමාන්‍යයෙන් ආරක්ෂිත ආයෝජන ලෙස සලකනු ලබයි ඒ ආර්ථික
පසුබෑමකදී පවා ලාභ උපයා ගැනීමට ඇති හැකියාව නිසාය. අනෙක් කරුණ වන්නේ ඉතා ස්ථාවර
වර්ධන වේගයක් ගන්නා බැවින් හොඳින් ස්ථාපිත
නොවූ අනෙකුත් සමාගම් වලට වඩා අඩු අස්ථාවරත්වයක් ඇති නිසාය.
ආර්ථික
අවපාත කාලවලදී හා අහිතකර ආර්ථිකතත්වයක් ඇති කාලවලදී එම සමාගමට හා කොටස් වලට අඩු බලපෑමක් ඇති කරනු ලබයි..නැවතත්
ආර්ථිකය ප්‍රකුර්ති තත්වයට පත් වීමේදී අනෙක් සමාගම් වලට වඩා ඉක්මණින් මෙම සමාගම්
ඉදිරියට පැමිණේ ... ( නමුත් ඕනෑම අවස්ථාවක මෙම තත්වය වෙනස් විය හැක...)
බ්ලු
චිප් සමාගම් වල ශක්තිමත් ශේෂ පත්‍ර, ස්ථාවර මුදල් ප්‍රවාහ
සහ ලාභාංශ ගෙවීමේ දිගු
ඉතිහාසයක් ඇත. උදාහරණයක් ලෙස කොමර්ෂල් බැංකුව ගතහොත් 1999 වර්ෂයේ සිට මේ දක්වා
නොකඩවා ලබාංශ ගෙවා ඇත. එම ගෙවා ඇති ලබාංශ ඉහල ප්රතිෂතයකින්ද ගෙවා ඇත. එමෙන්ම මෙම
සමාගම් එම අංශයේ හෝ කර්මාන්තයේ ප්රමුඛයෙකි. සමාගම සාමාන්‍යයෙන් හුරුපුරුදු හා
පහසුවෙන් හඳුනාගත හැකි නමකි, එමඟින් ආයෝජකයින්ට ඔවුන්ගේ කොටස් එකතු
කිරීමේදී තවත් අමතර විශ්වාසයක් ලබා දේ.සහ ආර්ථික පසුබෑමකදී ඔවුන් ව්‍යාපාරයෙන්
ඉවත්වීමේ අවදානමක් නොමැත.
මුලික අදියරේ සමාගමක ඉහල ආර්ථික වර්ධන
වේගයක් පෙන්නුම් කලද එම ව්‍යපාරවල ආයෝජනය කළ කොටස් හිමියන්ට ඔවුන් ලබාංශ ලබා දීමට කැමැත්තක්
නොදක්වන්නේ එම සමාගම්වල අනාගතය සදහා
ආයෝජනය කිරීමට එම මුදල් යොදා ගන්නා නිසාය සාමාන්යෙන් අඩු අවදානම් ගැනීමට කැමැති අය
සහ කොටස් වෙළදපලට පැමිණෙන අදුනිකයන් මෙම කොටස්වල ආයෝජනය කිරීම සුදුසු යැයි මට හැගේ
.....
ඔයාලාගේ අදහස් යෝජනා හස දැන ගන්න මොනවා හරි තියෙනවනම් පහලින් Comment එකක් දන්න...
0 comments:
Post a Comment