කොටස් මිල
ඇවරේජ් කරනවා කියන්නේ තවත් එක් ආයෝජන උපාය මාර්ගයක් වන අතර මෙහිදී
සිදුවන්නේ කලින් ආයෝජනය කරපු කොටස් වල මිල ඉහල ගිය විට හෝ මිල පහල ගිය විට නැවත
කොටස් මිලට ගේන එම කොටස් වල මිල මධ්‍යස්ථ මිලකට ගෙන ඒමයි.මුලික වශයෙන් ඇවරේජ් කරන
කරන ක්‍රම දෙකක් තියෙනවා.
01 AVERAGE UP
02 AVERAGE DOWN
01 AVERAGE UP
AVERAGE UP ක්‍රමය වැඩි දෙනෙකුට හුරු පුරුදු
නොවුනද එයද ඇවරේජ් කරන තව ක්‍රමය.කි මෙහිදී සිදුවන්නේ කොටස් මිල ඉහල යනවිට වැඩි
මිලට කොටස් මිලට ගැනීමයි .කෙනෙකුට සිතෙන්නට හැකියි වැඩි මිලට අරගෙන කොටස් මිල
ඇවරේජ් කරන්නේ කියලා. මෙම ක්‍රමය වැඩි පිරිසක් බාවිතා කරන්නේ දිගු කාලින ආයෝජකයන්ය
කුමක්නිසාද ඔවුන්ට වරින්වර මුදල් ලැබෙනවිට ආයෝජනය කරන නිසාවෙනි සහ ප්‍රතිලාබද දිගුකාලින නිසාවෙනි තවද මෙම ක්‍රමය
Ava rage Down ක්‍රමය මෙන් ලෙහේසි කාර්යක්ද නොවේ.එහිදී සලකා බැලිය යුතු කරුණු කිපක්
තිබේ.එමෙන්ම සියලුම සමාගම් ද AVERAGE UP කිරිමට සුදුසු නොවේ. අපි උදාහරණයක් විදියට Ceylon Tobacco Company PLC සමාගම අරගෙන බලමු .
Ceylon Tobacco සමාගමේ 2008 වර්ෂයේ කොටසක් මිල 65 බැගින් කොටස්
100 මිලදී ගත්ත යැයි සිතන්න ඉන් පසුව 2009 වර්ෂයේ කොටසක් 150 බැගින් කොටස් 100
මිලදී ගතහොත් සම්පුර්ණ ආයෝජනය වටිනාකම 21500 වන අතර කොටසක් වටිනාකම රුපියල් 107.50
වී ඇත... නැවතත් 2010 වර්ෂයේදී කොටසක මිල
250 බැගින් කොටස් 100 මිලදී ගට්ර්හ හොත් සම්පුර්ණ ආයෝජන වටිනාකම 46500 වූ අතර කොටසක්
අවටිනකම වනුයේ රුපියල් 155 කි මෙය ඇවරේජ්
අප් ක්‍රමයට උදහරනයකි..
AVERAGE UP කිරීමේදී දැනුම ඉතා පුළුල් ලෙස තිබිය
යුතුය ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ලෝකයේ ආර්ථිකය පිලිබදව අවබෝදයෙන් සිටිය යුතුය. Ceylon
Tobacco සමාගම ඇවරේජ් අප් කිරීමට සුදුසු වී තිබුනේ ඔවුන්
නිපදවන නිෂ්පාදනය එකාදිකාරයක් පවතින නිසාය ඔබ තොර ගන්න සමාගම මිල පහත වැටීමකට ලක්
වූ හොත් පාඩුව ඉතා විශාල වනු ඇත....
AVERAGE DOWN
මෙම ක්‍රමය සියලු දෙනාම වාගේ සිදු කරන තවත් එක්
ආයෝජන උපාය මාර්ගයකි මෙහිදී සිදු වන්නේ අප ආයෝජනය කළ සමාගමේ කොටස් මිල පහළ යන
විටදී එම සමාගමෙ කොටස් මිලදීගෙන පාඩුව අවම කර ලාබය විශාල කර ගැනීම ඇවරේජ් ඩවුන්
කිරීමේ මුලික අරමුනයි .. මේ සදහා උදාහරණයක් බැලුවොත් අපි සම්පත් බැංකුවේ කොටස්
100ක් මිල 150 බැගින් මිලදී ගන්නා අතර පසුව එම කොටස් මිල අඩු වී 125 පමණ වූ විට
කොටස් 100 ක් මිල 125 බැගින් මිලදී ගතහොත් සම්පුර්ණ ආයෝජන වටිනාකම 27500 වූ අතර
එක් කොටසක් මිල වන්නේ 137.50 කි. එම කොටසේ මිල නැවත 150 වූ විට එක් කොටසකින්
රුපියල් 12.50 ලාබයක් හිමි වේ. මෙම ක්‍රමය මගින් ලාබ ලැබීමට මුලින් මිලදීගත් මිලට
වඩා කොටසක මිල වැඩි වීමට අවශ්‍ය නොවේ. එනම්
මිල රුපියල් 137.50 සිට වැඩිවන විට ඔබට එම
කොටසින් ලාබය උත්පාදනය වේ.
මෙම ලිපිය ලියන අවස්ථාව වන විට කොලබ කොටස් වෙළදපොළ
ඉතා පහල මට්ටමකට පහත වැටි ඈත. බහුථරය6අක් ආයෝජකයන් මෙම අවස්ථාවේ පාඩු ලබා ඈත එම
නිසා AVERAGE DOWN ආයෝජන ක්‍රම උපාය ක්‍රියාවට නන්ව බලන්න... කුමක් හෝ අපැහැදිලි
තැනක් හෝ ඔබගේ ඉල්ලීම් තියෙනවනම් පහතින් comment එකක් දාන්න. ඉදිරියේදී අලුත්
ලිපියකින් හමු වෙමු.
0 comments:
Post a Comment