ක්‍රෙඩිට්
කාර්ඩ් කියන තරම් හිසරදයක් ද?
ක්‍රෙඩිට් කාර්ඩ් කියද්දි සමහරු බයයි. ඒ ක්‍රෙඩිට් කාර්ඩ් අරගෙන ලෝකෙට ණය වෙලා ඉන්න නිසා. හැබැයි කවුරුත් දන්නෙ නෑ ක්‍රෙඩිට් කාර්ඩ් වලින් වැඩ ගන්න විදි අද අපි බලමු කොහොමද හරියට ක්‍රෙඩිට් කාර්ඩ් බාවිතා කරන්නේ කියලා . ක්‍රෙඩිට් කාර්ඩ් ලංකාවට හදුන්වා දුන්න පුද්ගලයා කිව්වලු අද ඉදන් ලංකාවේ මිනිස්සුන්ට ලනුවක් දෙනවා ඒ ලනුවෙන් එල්ලෙනවද නැත්තම් එකෙන් ප්‍රයෝජනයක් ගන්නවද කියලා ඒ මිනිස්සු තමයි තිරණය කරන්න ඕනේ කියලා කීවාලු.. මුලින්ම අපි ක්‍රෙඩිට් කාර්ඩ් පාවිච්චි කරන එකේ අරමුන වටහා ගන්න ඕනා,දකින දකින දේ ගන්න හිතන කෙනෙක් නම් ඒ අය ගොඩක් ක්‍රෙඩිට් කාර්ඩ් වලින් පරිස්සමි වෙන්න ඕනා, ඒ වගේම හරි දිනේට ගනුදෙනු පියවීමේ ගුණය , මුල්‍ය විනයක් නැත්තම් ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ඉන්න තත්වෙටත් වඩා පල්ලැහැට වැටෙන්න ඉඩකඩ වැඩී. මට අනුව නම් මම තදින්ම ව්ශ්වස කරන දේ තමයි ක්‍රෙඩිට් කාර්ඩ් කියන්නෙ සම්පතක්. මටත් කාර්ඩ් 02ක් තියනව.මම දැන් කියන්නම් ඔයලාට නොදන්න නොපෙනිච්ච වාසි මොනාද කියල.., මුලින්ම අපි හැමොම පාරිභෝගිකයන් අපිට එදිනෙද මිලදී ගැනීමට අවශ්‍ය දේවල් ඉතමත් අඩු මුදලකට ගන්න පුලුවන් , තව අපි අපේ ව්‍යාපාර / නිවස් වලට අවශ්‍ය ටිකක් ව්ටින ප්‍රාග්ධන උපකරණ වට්ටම් සහ පොලී රහිත/ සහිත වාරික වෂයෙන් ගෙවීමේ හැකියාව තියනවා, පාරිභෝගික බාන්ඩ මිලදීගැනීම් පොලී රහිතව පියවන්න දින 25 - 55ක් අතර කාලයක් ලැබෙනවා, මේ හැමදෙයක්ම සතයක් වත් පොලී ගෙවන්නැතුව කරගන්න නම් ඔයට Rotate වෙන ආදායමක් තියෙන්න ඕනා, මූල්‍ය විනය කියන දේ නැත්ත්ම් මේ වැඩේ පොඩ්ඩක් අමාරු වෙනාවා, මොකද ක්‍රෙඩිට් කාර්ඩ් පොලී අනුපාතාය 28%- 30% , නිවැරදි දිනයට නොපියවීමේ ගාස්තු 900 - 1200, මීට අමතරව වාර්ශික ගාස්තු 1500 ඉදන් ඉහලට අයකරන ව්විද පහසුකම් ලැබෙන කාර්ඩ් තියනවා, ක්‍රෙඩිට් කාර්ඩ් වලින් එලියට අදින (0% instalment plans) / ඉතුරුවෙන මුදල් low risk investment / Expenses management සදහා යොදාගැනීම සුදුසුය.
අනෙකුත්
මූල්‍ය මෙවලම් සහ සේවාවන් වගේම, ක්‍රෙඩිට්
කාඩ්පත් වලත් බොහෝ වාසි සහ අවාසි තියෙනවා..ඔබ ඕනෑම ක්‍රෙඩිට් කාඩ්පතක් සඳහා ලියාපදිංචි වීමට පෙර විස්තර
තේරුම් ගැනීම ඉතා වැදගත් .එසේ නොමැතිනම්, ඔබ
නිදහස් කිරීම වෙනුවට ඔබව කොටු කරන කාඩ්පතකින් වැඩේ අවසන් වෙන්න පුලුවන්.
වාසි
වාසි
මිල
දී ගැනීමේ හැකියාව සහ සීමාව වැඩි කර ගත හැකිවීම.සරලවම කිව්වොත් අපිට විශාල මුදලක්
ගෙවා එක පාර ලබාගත නොහැකි භාණ්ඩයක් හෝ සේවාවක් පහසුවෙන් මිලදී ගත හැකිවීම
පහසුව - මුදල් මුදල් ලෙස රැගෙන යාමේ අවශ්‍යතාව අවම කරනවාවගේම, අන්තර්ජාල ගණුදෙනු වලදී විශාල සහයක් ලබා දීම
සැම ගණුදෙනුවක් සමගම බිල් පතක් ලැබෙන බැවින් , තම ගණුදෙනු සටහන් තබා ගැනීම පහසු වීම
හදිසි අවස්තා වලදී භාවිතා කල හැකිවීම
වගකීමෙන් යුතුව credit card එකක් බාවිතා කිරීම අපේ ඉදිරි ගණුදෙනු වලදි ලොකු වැදගත්කමක් එකතු කරනවා.
ඔය ඔක්කොම ඇරුණහම credit card එකක් use කරනකොට පිලිගැනීම කියන දේ ලැබෙනවා පොඩි මෙව්වා එකක් අපේ සමාජයේ තියෙනවා නෙහ්
පහසුව - මුදල් මුදල් ලෙස රැගෙන යාමේ අවශ්‍යතාව අවම කරනවාවගේම, අන්තර්ජාල ගණුදෙනු වලදී විශාල සහයක් ලබා දීම
සැම ගණුදෙනුවක් සමගම බිල් පතක් ලැබෙන බැවින් , තම ගණුදෙනු සටහන් තබා ගැනීම පහසු වීම
හදිසි අවස්තා වලදී භාවිතා කල හැකිවීම
වගකීමෙන් යුතුව credit card එකක් බාවිතා කිරීම අපේ ඉදිරි ගණුදෙනු වලදි ලොකු වැදගත්කමක් එකතු කරනවා.
ඔය ඔක්කොම ඇරුණහම credit card එකක් use කරනකොට පිලිගැනීම කියන දේ ලැබෙනවා පොඩි මෙව්වා එකක් අපේ සමාජයේ තියෙනවා නෙහ්
අවාසි
මිලදි ගැනීම සීමා රහිත වෙනවා. ඇත්තට කිව්වොත් අපිට ඇගට දැනෙන්නේ නැතුව වියදම් වෙනවා මේ හරහා. අපිට ඇගට දැනෙන්නේ wallet එකෙන් සල්ලි අරන් ගණන් කරලා දෙනකොටනේ. හුල්ලලානේ දෙන්නේ
කරනකොට ගොඩක් අයට මතක නෑ මේ අපි වියදම් කරන්නේ ණයක් නේද කියන දේ.ඒ ණය හරියට පියවගන්න නොහැකි උනොත් ගෙවන්න වෙන පොලිය සහ දඩ ගැන ගොඩක් අයට දැනීමක් නෑ.ඔන්න දැන් නන් යාන්තන් credit card සදහා annual rate එක 28% පමණ වෙනවා
ඉතින් එහෙමනම් හොදට හිතල බලලා තීරණයක් ගන්න.
0 comments:
Post a Comment