Tuesday, September 1, 2020
Monday, May 25, 2020
සත හැත්තෑ පහෙන් ජීවිතය ජයගත් නවලෝක මුදලාලිගේ කතාව
1920 ජුනි මස 20 වෙනි දින මාතර සුල්තානගොඩ වරකපිටිය වත්තේ ජන්ගිරිස් අප්පුහාමිටත් මද්දුම හාමිනේටත් ලැබුණු පුත්‍ර රත්නය වන මෙතුමාට ගමේ අය ආදරේට කිව්වේ කළු මහත්තයා කියලා,ගමට ආදර කරමින් ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ හැදී වැඩුණු මොහු පසුකාලීනව තම ජීවිතයේ සාර්ථකත්වය කරා ලඟා වුනේ කිසිවකු නොසිතූ අයුරින් වීම විශේෂත්වයක්. මෙතුමාට හරියටම අවුරුදු 13 ක් වෙද්දි සිද්ද උණු පියාගේ වියෝව මෙතුමාගේ ජීවිතයේ හැරුම් ලක්ෂය වෙනවා ,පියාගේ අවසන් කටයුතු වලින් පසුව තමා සතුව තිබු සත 75 ක මුදලත් ඇදුම් කඩමාලු කීපයත් පත්තර කැබැල්ලක දවටා ගන්නා මෙතුමා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ උපදෙස් පරිදි තමන්ගේ අනාගතය සරි කරගැනීම සදහා කොළඹ එනවා . කොළඹ ඇවිත් මාතර වෙළෙන්දෙකු වන පියදාස මුදලාලි හමුවීමට යන මෙතුමා එහිදී තමන්ගේ අරමුණු ඉෂ්ට නොවන බව දැන පසුදාම සදලන්කාව ප්‍රදේශයේ සිටින තම පියාගේ හිතවතෙකු වන මනම්පේරි මුදලාලි හමුවීමට ගොස් එහි වසර දෙකක් පමණ සේවය කරනවා ,නැවතත් කොළඹ පියදාස මුදලාලි හමුවට ඇවිත් එහිත් තව වසර දෙකක් පමණ සේවය කරනවා , මෙම කාලය තුල විශාල ප්‍රමාණයක් වෙළෙන්දන් හදුනා ගැනීම මත කළු මහත්තයා තීරණය කරනවා තමන්ගේම වෙළදාමක් ඇරඹීමට ,එහිදී ඔහු තමන්ගේ වෙළදාම ඇරඹීමට තෝරාගන්නේ පෑලියගොඩ ප්රදේශයයි ,පසුකාලේයෙදී ඔහු ප්‍රකාශ කල ආකාරයට ඔහු එම තීරණය ගත්තේ කොළඹට එන සියලුම කරත්ත පාහේ කොළඹට ඇතුළුවෙන්නේ පෑලියගොඩ හරහා නිසයි , මේ කාලයේ තමන්ගේ අනාගත සහකාරිය තෝරාගන්නා කළු මහත්තයා විවාහ දිවියට එළබෙන්නේ තමන් දිවා ආහාරය ලබාගන්න අවන්හල පවත්වාගෙන ගිය මීලින් නෝනා සමගයි ,මීලින් නෝනාගේ සහෝදරයින් මුලින් මෙම කටයුත්තට අකමැත්තක් දැක්වූවත් පසුව එකග වෙනවා , විවාහය කළු මහත්තයාගේ ජීවිතයේ නව පිටුවක් පෙරලුවායයි කිව්වොත් වැරදි නැහැ ,කළු මහත්තයා තමන්ගේ තේ , පොල් , රබර් වෙළදාම සිදුකරන අතරේ මීලින් නෝනා තමන්ගේ අවන්හලේ කටයුතු කරගෙන යනවා ,මේ කාලෙදී තමන්ගේ වෙළදාම තවදුරටත් පුළුල් කරන කළු මහත්තයා ලී වෙලදාමටත් අත තබනවා ,කොන්ත්‍රාත් කටයුතු වලටද අත ගහන කළු මහත්තයා අවන්හලේ කටයුතු සීමා කිරීමට තීරණය කරන්නේ ගවමස් කෑම සහ මත්පැන් පානය තමන්ගේ ආගම දහමට එකග නොවන නිසයි ,මේ කාලෙයේම තමන්ගේ ව්‍යාපාරය “නවලෝක” නමින් නම් කරන්නත් කළු මහත්තයා කටයුතු කරනවා , මෙලෙස ටිකෙන් ටික ව්‍යාපාර කටයුතු දියුණු කරගන්නා මෙතුමාටත් 1977 විවුර්ත ආර්ථිකය හදුන්වාදීමත් සමග දේශීය ව්‍යාපාරිකයින් මුහුණ දුන් අභියෝග සියල්ලටම මුහුණ දෙන්න වෙනවා , එම අභියෝගයත් සාර්ථකව ජයගන්නා මෙතුමා නවලෝක රෝහල ඇරඹීම මගින් තමන්ගේ නවලෝක සමුහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරනවා , විවාහය මගින් දියණියන් සිව්දෙනෙකු සහ ජයන්ත සහ උපාලි නම් පුතුන් දෙදෙනෙකු ලබන මෙතුමා තමන්ගේ දරුවන් නිසි අද්යාපනය ලැබූ පසු තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට සම්බන්ද කරගන්නවා ,හැබැයි ඒ ඉහලම තැනින් නම් නෙමෙයි ,පහලම තැන ඉදලා ඉහලට එන්න ඔවුන්ට ඉඩ සලස්වලා දෙනවා , පහේ පන්තිය දක්වා පමණක් අද්යාපනය ලැබූ මෙතුමා තමන්ගේ දර්ශනය මගින් ඉහලට නැග්ග ආකාරය පුදුම සහගතයි ,පසු කාලෙදී එතුමා විසින්ම එතුමාගේ දියුණුවට හේතු උණු කරුණු දැක්වුවා ,එනම් මුල අමතක නොකිරීම, “නෑ” , “බෑ” උත්තර ලෙස බාර නොගැනීම,ධාර්මිකව හම්බ කිරීම සහ වියදම් කිරීම ,අපතේ යාම නැවතීම සහ අද කලයුතු දේ අදම කිරීමයි. ලිපිය අවසන් කරන්නට පෙර දිනමිණ පුවත්පතේ ඔහු ගැන සඳහන් වුන සටහනක් මෙලෙස උපුටා දක්වන්නේ මේ තුලින් ඔබේ ජීවිතයට ඉතා විශාල පණිවිඩයක් ලබා දෙන නිසාවෙනි. “මාතර සුල්තානාගොඩ මෙගොඩවත්තේ මහගෙදර විසූ ජන්ජීරිස් උන්නැහේ මහා ලොකු ධනපතියෙක් නොවේ. ගණන් කාරයෙක් ද නොවේ. ගමට ආලෝකයක් වූ ගමේ පුංචි මිනිසුන්ගේ හිතවතෙකු පමණි. මහගෙදර ජන්ජීරිස් අවසන් හුස්ම හෙලූ දා ගමේ පන්සලේ වැඩ සිටි පරදුවේ සෝභිත ලොකු හාමුදුරුවන්ගේ මුවින් ගිලිහුනේ ගමටම සෙවණ දුන් මහනුගෙත් එහෙනම් ඇද වැටුණා යන්නය. මහනුගේ යට සරුවට වැඩෙමින් තිබුණ මුල මැද අරටු සහිත කළුවර ගහ සෝභිත හාමුදුරුවන් නොදුටුවා නොවේ. තාත්තා ජන්ජීරිස් තමන්ගේ පුත් කලු මහත්තයා ගැන තැබූ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා වචන දෙක තුනකින් කියා සිටියේ මෙසේය. “කළු එකා තැනකට ඒවි” යන්න යි. පියාගේ සොහොන තනිකර දමා සියලු දෙනා නිවෙස් කරා යද්දී කලු මහත්තයා සොහොන ළග මොහොතක් බලා සිටියේය. ඔහුගේ තනියට සිරිදාස සිටියේය. තාත්තාගේ සොහොන දෙස බලාගෙන කළු මහත්තයා කිසියම් අධිෂ්ඨානයක් කළේය. ඒ අධිෂ්ඨානය දැන සිටියේ ඔහු පමණි. එහෙත් අධිෂ්ඨානයේ ප්‍රතිඵල අද සියල්ලෝම දනිති. තාත්තා වගා කළ කෙසෙල් පඳුරු, කොස් පැළ, පොල් වගාව, පල බරින් පිරී තිබෙනු කළු මහත්තයා දුටුවේය. තමන්ගේ දරු පැටවුන් ට දොවාගත් කිරි ටික රත්කර පොවන්නට ඇතිකළ කිරිදෙනුන් වත්තේ තැනින් තැන දිගේළි කර සිටිනු ඔහු දුටුවේය. ඒ සියල්ල තාත්තාගේ නමින් අම්මාට ඉතිරි කර ගිය මහා සම්පතක් ලෙස කළුමහත්තයා දුටුවේය. කළු මහත්තයා අවසන් තීරණයට එළඹියේය. පලින් පළ දමා තිබුණු කාසි එකතු කර ගෙන රුපියලක් ඉනේ රුවාගත් කළු මහත්තයා කොළඹ යන්නට තීරණය කළේ ය. ඔහුගේ ඉලක්කය වූයේ කොළඹ සහ අවට ප්‍රදේශ වල බිස්නස් කරන මුදලාලිලා දෙතුන් දෙනෙකි. කාසි ටික ඉනේ රුවාගෙන ඇඳුම් කැඩුම් දෙක තුනක් බෑගයේ දමාගෙන කලු මහත්තයා කොළඹ යන එකම බස් රියට ගොඩ වැදුණේ අම්මාගේ සෙනෙහසත් තාත්තාගෙන් ලැබුණ අවංකකම, මනුස්සකම හා හැදිච්චකම හදවතේ පොදි බැඳගෙනය. මේ සියල්ලටම වඩා දෙමාපියන්ගෙන් ගමේ පන්සලෙන් හා පාසලෙන් ලබාගත් ශික්ෂණය විනය ගරුක බව පහේ පන්තිය දක්වා ඉගෙන ගත් කළු මහත්තයා සතුව තිබුණේ කිසිදාක අමතක නොවන ආකාරයටය. ගමෙන් කොළඹ ගොස් ගෙන්දගම් පොළොව පාගන සමහරු මෙන් ධනපතිකම ආඩම්බරකම සහ උද්දච්චකමින් ඔලුව නරක් කර ගන්නට මේ කලු මහත්තයා මෝඩ නොවූයේ ගමේ පන්සලෙන් සහ පාසලෙන් උගත් ගුණාංග කිහිපයක් නිසා ය. සුල්තානාගොඩ ජන්ජිරිස් උන්නැහේගේ පුත් කළු මහත්තයා කොළඹ අවුත් ධර්මදාස මුදලාලි බවට පත් වූ හැටිත් ඉන් පසු ඔහු ව්‍යාපාරික ලෝකයේ හිනිපෙත්තටම සාධාරණව ගොඩවූ හැටිත් ලියන්නට කියන්නට බණ්ඩාර ඇහැලියගොඩ ලවා තවත් පොත් දහයක් පහළොවක් ලියවා ගතයුතුය. ධර්මදාස මුදලාලිගේ සෙවෙණේ වැඩුන තවත් කළුවර පැලෑටි වල අතු ඉති පැතිර ගියේ සාමාන්‍ය මිනිසුන්ගේ පෙර වාසනාවටය. ජයන්තත් උපාලිත් අද පියාගේ අඩි පාරේ යමින් චාම් දිවි පෙවෙතක් ගත කරන සාධාරණ මිනිස්සු වෙති. තාත්තාගේ ජීවිතය වසර 92 කට පසුව තවදුරටත් ජීවත් කරන්නට ලෝකයේ සිටින දක්ෂම ජීවකයා ගෙන්වීමට පුලුවන්නම් එය අනිවාර්යයෙන්ම කරනු ඇත. තම පියා ජීවත් කරවන්නට නවලෝක රෝහල වැනි රෝහල් ඉදිකරන්නට අවශ්‍ය නම් එයද ඉටු කරනු ඇත. කෙසේ හෝ රුපියල් කාසි ස්වල්පයක් ඉනේ රුවාගෙන කොළඹට පැමිණ මහා ධනපතියකු දානපතියෙකු වූ සම්මානලාභී ධර්මදාස මුදලාලි අපෙන් සමුගෙන ගියේ සතයක්වත් නැතිවය. ලැබුණු සම්මාන ද පදිංචි වූ නිවසේ තබලාය. එහෙත් ඔහු විසින් ගොඩනැගූ සියලු ව්‍යාපාර ඔහුගේ නමින්ම සිහිවටන සේ ආරක්ෂා කළ යුතුය. ඔහු ඉතිරි කළ ධනය ලක්ෂ කෝටි ගණන් විය. ඔහු නැති බැරි අයට බෙදා දුන් ධනය ඊටත් වැඩිය..... උත්සහය , කැපවීම මෙන්ම අවංක කමද දියුණුවට අවශ්‍ය වැදගත්ම දේවල් බව මෙම වටිනා චරිතයෙන් ගත හැකි ආදර්ශයයි.....
(අන්තර්ජාලය සහ පුවත්පත් ඇසුරෙන්…)
Wednesday, May 20, 2020
Whatsapp නිර්මාත්තෘගේ නොකී කතාව
Whatsapp ගැන නොදන්න කෙනෙක් මේ ලෝකේ නැහ.වට්ස් ඇප් කියන
මෘදුකාංගය නිර්මානය කරනු ලැබුවේ බ්‍රයන් ඇක්ශන් සහ ජෑන් කොවුම් කියන අය විසින්.
ඔවුන් yahoo සමාගමේ සේවකයින් වී සිටියා.2007 සැප්තැම්බර් මාසයේ ඔවුන් යාහූ සමාගමෙන් ඉවත්ව
යනවා.ඉන් පසුව ටික කාලයක් දකුනු ඇමෙරිකාවේ ගත කරනවා. ඉන් පසුව ඔවුන් අපි කවුරුත්
දන්නා facebook සමාගමේ රැකියාවකට අයදුම් කරනවා.නමුත් ඔවුන්ගෙ
අයදුම් පත් ප්‍රතික්ශේප වනවා.2009 වසරේදි iphone
එකක් මිල දී ගත් කොවුම් විසින් app store එකේ තියෙන දුරකතන යෙදුම්(Apps) පිලිබද අවධානය යොමු කරනවා.ඔවුන්ට පැහදිලි වෙනවා
බහුමාධ්‍ය(Multimedia) තොරතුරු හුවමාරු කරගත හැකි තනි පුද්ගලයන්ට
දුරකථනය හරහා පහසුවෙන් සන්නිවේදන කටයුතු සිදු කල හැකි ඇප් එකක අවශ්‍යතාවය. කොවුම්
සහ ඇකශන් යන මිතුරන් දෙදෙනා යනවා කොවුම්ගේ මිතුරෙක් වුන ඇලෙක්ස් ෆිශ්මන් මුන
ගැසෙන්න.ඇලෙක්ස් විසින් කොවුම් හට රුසියානු මෘදුකාංග ශිල්පියෙක් හදුන්වා දෙනවා.
කොවුම් විසින් නිර්මානය කිරීමට නියමිත මෘදුකාංගය "Whatsapp" ලෙස නම් කරනවා. "What's Up(මොකද වෙන්නේ)" යන්න භාවිත කරමින් ඔහු වට්ස්
ඇප් මෘදුකාංගය නිර්මානය කිරීම ආරම්භ කරනවා.කොවුම් විසින් whatsapp inc. ලෙස ඔහුගේ සමාගම කැලිෆෝනියාවේ ආරම්භ කරනු
ලබනවා.
මුල් කාලීනව එලිදැක්වූ වට්ස් ඇප් මෘදුලාංගය නිසි පරිදි ක්‍රියාත්මක වුනේ
නෑ.කොවුම් විසින් වට්ස් ඇප් මෘදුකාංගය අත් හැර නව මදුකාංගයක් පිලිබදව සිතන්නට වුනත්
ඔහුගේ යහපත් මිත්‍රයා වු ඇක්ශන් විසින් කොවුම් ව දිරි ගන්වමින් මාස කිහිපයක් ඉවසන
ලෙස කියනු ලබනවා.2009 ජුනි මාසයේදි ඇපල් සමාගම Push
Notification සදහා පහසුකම් සැපයිමත් සමග කොවුම් විසින් තම
වට්ස් ඇප් මෘදුකාංගය භාවිතා කරන පිරිස් එය භාවිතා කිරීම ආරම්භ කරන විටම එය භාවිතා
නොකරන පාර්ශවය්න් හට වට්ස් ඇප් භාවිතා කරන බව දැනුම් දෙන පනිවුඩයක් ලැබෙන ලෙස
වට්ස් ඇප් මෘදුකාංගය වෙනස් කලා .whatsapp 2.0
එලිදැක්වීමත් සමග එය භාවිතා කරන පිරිස 250000
ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහල ගියා.ඒ අනුව කොවුම්ගේ සාර්ථකත්වය දුටු ඇක්ශන් ද වට්ස් ඇප්
සමාගම ට සම්බන්ධ වුනා. මුල් කාලීනව එය මුදල් දී මිලට ගත යුතු ඇප් එකක් වුවත් පසු
කාලීනව එය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැකි මෘදුකාංගයක් වුනා.appstore සදහා පමනක්,එනම්
ඇපල් දුරකථන සදහා පමනක් වට්ස් ඇප් මෘදුකාංගය නිකුත් කලත් වට්ස් පසුව blackberry,
android සදහාද වට්ස් ඇප් ලබා ගැනීමට හැකියාව ලබා දෙනවා. 2013 ව්න විට වට්ස් ඇප් භාවිතා කරන පිරිස මිලියන 200 දක්වා ඉහල යනවා.ඒ වන විට සේවකයන් 50 ක්ද ඩොලර් බිලියන 1.5
ක්ද වට්ස් ඇප් සමාගම සතු වුනා.2019 පෙබරවාරි 19 වන වන දින කොවුම්ව රැකියාවකටවත් බදව නොගත් Facebook
සමාගම අපූරු යෝජනාවක් ගෙන එනවා.ඒ වන විට ඩොලර්
බිලියන 1.5 කට තක්සේරු කර තිබු වට්ස් ඇප් සමාගම ඩොලර්
බිලියන 19 කට මිලට ගැනීමටයි.කොවුම් යාහූ සමාගමෙන් ඉවත් වී Facebook
සමාගමට ඉල්ලුම් කල රැකියා අයදුම් පත්‍රය පවා ප්‍රතික්ශේප
වුනා.නමුත් ඔහු විසින් නිර්මානය කල වට්ස් ඇප් මෘදුකාංගය Facebook සමාගම මිල දී ගත්තේ ඉතිහාසයේ ලොකුම ගනුදෙනුවක්
ලෙසයි.2016 වන විට එය බිලියන එකක භාවිතා කරන්නන් පිරිසක්
අතට පත් වි තිබේ.සාමාන්‍ය දුරකථන ගාස්තුවට වඩා අඩු පිරිවැයකට බහුමාධ්‍ය තොරතුරු
හුවමාරු කර ගැනීම සදහා කොවුම් විසින් නිර්මානය කල වට්ස් ඇප් මේ වන විට ලොව පුරා
ඉතා ජනප්‍රිය සන්නිවේදන මෘදුකාංගයක් වී හමාරයි.
Thursday, May 14, 2020
Eagle story
ජීවිතය කියන්නේ සුන්දරත්වය පිරුණු රෝස මල්
යහනාවක් නෙමෙයි. මේ ජීවිත ගමනේ දී අපිට ලේසියෙන් ගමන් කළ හැකි සමතලා බිම් තීර වගේ
ම ගමන් කිරීමට තබා සිතීමටත් අපහසු ගිරිදුර්ගයනුත් කොතෙකුත් හමුවෙනවා. ඒත් මේ
ගිරිදුර්ගයන් තරණය කරලා කොහොම හරි අපේ ඉලක්කයට යාමටයි අපි දක්ෂ විය යුත්තේ. අප
උත්සාහ කළ යුත්තේ ද එයට මයි.
රාජාලියාගේ කතාව රාජාලියා කියන්නේ දීර්ඝ කාලයක්
ජීවත් විය හැකි පක්ෂි විශේෂයක්. සාමාන්‍යයෙන් රාජාලියාගේ ආයු කාලය වසර 70ක් පමණ වනවා. නමුත් මේ සම්පුර්ණ කාලය ම රාජාලියා
ජීවත් වන්නේ නම් ඌට තම ජීවිතයේ ඉතා දුෂ්කර එක්තරා සන්ධිස්ථානයකට මුහුණ දීමට සිදු
වෙනවා. ඒ වයස අවුරුදු 40 දී. එහි දී ඌ ගන්නා තීරණය මතයි උගේ මුළු ජීවිතය
ම රඳා පවතින්නේ. රාජාලියා සතු වන්නේ ඉතා විශාල ඝන පිහාටු. වයස හතළිහ පමණ වන විට
උගේ පැරණි පියාපත් ඇඟට ඇලීම හේතුවෙන් ඌට පියාඹන්න අපහසු වෙනවා. උගේ දිගු හා උල් හොට
වකුටු වෙනවා සේ ම දිගු හා නම්‍යශීලි නියපොතු අඩපණ වීමට පටන් ගන්නවා. මෙහි අවසන්
ඵලය ඌට හරිහැටි ගොදුරු ඩැහැ ගැනීමට නොහැකි වීම යි. මේ තත්ත්වයෙන් මිදෙන්නට
රාජාලියට ඇත්තේ විකල්ප දෙකයි. ඉන් පළමුවැන්න ලෙහෙසියි, පහසුයි.
ඒ තමයි, රාජාලියා කිසිම උත්සාහයකින් තොරව බඩගින්නේ සිට
ජීවිතය අවසන් කර ගැනීම. අනෙක් මාර්ගය ලෙහෙසි පහසු නැති දුෂ්කර මාර්ගයක්.
උත්සාහයෙන් සාර්ථක විය හැකි මඟක්. මේ සඳහා ගත වන කාලය දින එකසිය පනහක්. එය දැඩි
වේදනාකාරී හා පීඩාකාරී කාල සීමාවක්. වෙනස් වීමේ ක්‍රියාවලියට මුහුණ දීමට රාජාලියා
උස් කඳු මුදුනකට පියඹා යනවා. අනතුරුව ඌ හොටය සම්පූර්ණයෙන් ගෙවී යන තුරු ගල්තලාවක
අතුල්ලනවා. හොටය යථා තත්ත්වයට පත් වන තෙක් ඉවසා සිටින රාජාලියා, ඉතාමත් ධෛර්යවන්ත ව තම දිරාපත් වූ පියාපත් එකින්
එක ගලවා දමා තම ස්වරූපය ද සම්පූර්ණයෙන් ම වෙනස් කර ගන්නවා. මාස පහකට පමණ පසුව
පුනර්ජීවය ලබන රාජාලියා නැවතත් තම පිහාටු යථා තත්ත්වයට පත්කර ගන්නවා. ඉන් පසු
රාජාලියාගේ ආයු කාලය වසර තිහකටත් අධික වන බවයි සාමාන්‍ය පිළිගැනීම වන්නේ.
රාජාලියාගේ කථාව එපමණයි…
මඟ අසීරුයි කියා මැසිවිලි නොනගා නොබිය ව ඉදිරියට
යන්න. සාර්ථකත්වය ඔබ ළඟයි. මේ ධර්ම මාර්ගය යනු පුරුදු පුහුණු කළ යුතු ප්‍රතිපදාවක්
මිස හුදු මතකයක් හෝ කටපාඩමක් නම් නො වෙයි…! ජීවිතය
අලුතින් පටන් ගන්න… මේ වෙනස් වන්නට කාලය යි. උත්සහාය අත්නොහරින්න.
අන්තිම මොහොත දක්වාම උත්සාහ කරන්න. ආත්ම ශක්තිය ඇති කර ගන්න. අදිටනින් සිතුවහොත්
කිරීමට නොහැකි දෙයක් නොමැති බව විශ්වාස කරන්න.
උපුටා ගැනීම අයෝමි
පලිහවඩන
Monday, May 11, 2020
INVESTMENT MANAGEMENT
සුබ දවසක් සියලු දෙනාටම අද කියන්න යන්නේ හැමෝටම වැදගත්වන දෙයක් වන ආයෝජන කළමනාකරණය ගැන. වොරන් බපට් කිව්වේ සියලු
බිත්තර එක කුඩයක දන්නා එපා කියලා එකෙන්
ඔහු අදහස් කලේ කොටස් වෙළදපොල ආයෝජයදී එක කොටස් විතරක් ගන්න එපා කියලා ... මම අද
කියන්න යන්නේත් ඒ ගැන නොවේ ඒ වගේම වෙන
දෙයක් ගැන එහෙනම් අනිවාර්යෙන්ම මේ
ලිපිය කියවන්න....
මට මේ ලිපිය ලියන්න ප්‍රදානම හේතුව වුයේ කොරෝනා
වයිරස් තත්වය හේතුවෙන් කොලබ කොටස් වෙළදපොළ තාවකාලිකව වසා දැමීමයි. එම නිසා මා හට
අවශ්‍ය වූ වෙලාවේදී මා ආයෝජනය කළ මුදල් මා හට ලබා ගැනීමට නොහැකි විය . මෙය ඔබටත්
සිදුවන්නට ඇත. එම නිසා ඔබ මුදල් ආයෝජනය කිරීමේදී එය විවිධාන්ගී කරණය කරන්න. අපි
උදාහරණයක් අරන් බලමු මා රුපියල් ලක්ෂ 10 ක් ආයෝජනය කරන්නේ නම් මා සිදු කරන්නේ මේ
ආකාරයටයි. රුපියල් ලක්ෂ 5 ක් පමණ මිලකට වටිනාකමකින් යුතු ඉඩමක ආයෝජනය කරමි . ඉතිරි
ලක්ෂ 5 න් ලක්ෂ 3 ක් කොටස් වෙළදපොළේ ආයෝජනය කරම්. තවත් ලක්ෂයක මුදලක් වැඩි පොලි ප්‍රතිශතයක්
ගෙවන බැංකුවක ස්ථිර තැන්පතුවක් ලෙස ආයෝජනය කරමි. ඉතිරි ලක්ෂයක
මුදල උගස් රන් බාන්ඩ වෙන්දේසි සමාගමකින් රන් ආබරණ මිලදී ගැනීම. ඉහත කි ආකාරයට මා
මුදල් ආයෝජනය කර තිබුනේ නම් මා කොටස්
වෙළදපොළ වසා තිබුනද මා බැංකුවේ දැමු මුදල
හෝ රන් බාන්ඩ උගස් කර හෝ මා හට අවශ්‍ය මුදල සොයා ගැනීමට හැකියාව තිබේ එමෙන්ම
බැංකුවේ දැමු ස්ථාවර තැන්පතුවේදී හදිස්සි අවස්ථාවේ මුදල් ගැනීමේදී මා දැමු මුදලමා
මා හට ලබා දේ නමුත් කොටස් වෙළදපොළේ දැමු මුදල් නැවත ගැනීමේදී කොටස් මිල ඉහල ගොස්
තිබුණහොත් වාසි දායකය නමුත් මිල අඩු වී තිබුණහොත් අනිවාර්න්මා එය ඔබට පාඩුවක් ඇති කරයි එම නිසා ඔබේ ආයෝජනය කළමනාකරණය කර තබා
ගන්න.
ඉහතින් සදහන් කලේ මා මුදල් ආයෝජනය
කළමනාකරණය කරන ආකාරයි . මෙය එක එක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙනවා. ඔබ ලක්ෂ 10
ක් ආයෝජනය කරන්නේ නම් ආයෝජනය කරන ආකාරය පහතින් කොමෙන්ට් කරන්න .....
Friday, May 8, 2020
A Letter From Abraham Lincoln To His Son's Teacher SINHALA
හිටපු ඇමරිකානු ජනාධිපති එ්බ්රහම්
ලින්කන් ජනාධිපතිවරයා විසින් සිය පුතුගේ ගුරුතුමිය වෙත යවන ලද ලෝ ප්‍රකට ලිපිය පහතින් කියවන්න එයින් ඉගනීමට බොහෝ දේ ඇත.........
“ ඔහු උගතෙක් විය යුතු බව දනිමි. සියළු
මිනිසුන් සාධාරණ නැත. සත්‍යවාදීද නැත. නමුත්, සෑම නොමිනිසෙකුටම වීරයෙක්ද, ආත්මාර්ථකාමී දේශපාලකයෙකුටම කැපවුණු නායකයෙක්ද, සෑම සතුරෙකුටම සහෘදයෙක්ද, සිටින බවත් ඔහුට උගන්වනු මැනවි. ඊර්ෂ්‍යාවෙන්
ඉවතට ඔහු මෙහෙයවා සන්සුන් ව සතුටේ රසය විඳගැනීමටත්, ඔහුට උගන්වනු මැනවි. දුර්වලයා තලා පෙලන්නා, වැඩිකල් නොගොස් ඒ සඳහා පසු තැවෙන බව ඔහුටම තේරුම් ගැනීමට ඉඩ හරිනු
මැනවි. පොත්පත් වල සැඟවුණු ආශ්චර්යය ඔහුට උගන්වන ගමන්ම අහසේ පියා සලන කුරුල්ලාගේ
සදාතනික මුණු මුණුවේද, හරිත කඳු වැටි අසබඩ විල්ගොමුවල විහඟ,
මී මැසි නාදයේ ද, අසිරිය විඳ ගැනීමට නිදහස ඔහු හට ලබා දුන මැනවි. දයාබර ගුරුතුමනි,
අසමත්වීම, රැවටීමට වඩා ගෞරවනීය බව පාසලේදී ඔහුට උගන්වනු මැනවි. ලෝකයාගෙන්
ගැරහුමට ලක් වුවද, තම අදහස් මත විශ්වාසය ගොඩනඟා ගැනීමට
ඔහුව පුරුදු පුහුණු කල මැනවි. සුමුදු හදවත් අතර සුමුදු වීමටත්, රළු පරිසරයකදී රළු වීමටත්, අවශ්‍ය ශක්තිය ඔහුට ලබා දෙනු මැනවි. වැඩි
දෙනෙකු අනුගමනය කල පමණින්, යමක් අනුගමනය නොකිරීමට අවශ්‍ය ශක්තිය
ඔහුට ලබා දීමට උත්සාහ කල මැනවි. සියළු දෙනාටම හොඳින් සවන් දීමට මෙන් ම, යහපත් දේ පමණක් තෝරා බේරා ගැනීමටත් ඔහුට
උගන්වනු මැනවි. ගෞරවනීය ගුරුතුමනි, කඳුළු
අතරින් සිනාසීමටත්, කඳුළු බිඳුවක ලැජ්ජාව නොදැනීමටත්,
විවේචනයට බිය නොවීමටත්, පමණට වැඩි ප්‍රශංසාවන්ගෙන් ප්‍රවේශම් වීමට ඔහුට
කියා දෙනු මැනවි. ශක්තිය සහ මොළය උපරිම මිලකට අගය කිරීමටත්, එහෙත්, හදවත මෙන් ම ආත්මය ද, මිළ
නොකරන ලෙසටත්, ඔහුට උගන්වනු මැනවි. නුවමනා කලබලයකදී
දෙසවන් වසා ගැනීමටත්, තමා නිවැරදි යැයි සිතේ නම්, එ වෙනුවෙන් සටන් කිරීමටත්, ඔහුට උගන්වනු මැනවි. දයාබර ගුරුතුමනි, අනවශ්‍ය හුරතලයට ලක් නොකර, ඔහුට මෘදු ලෙස සලකනු මැනවි. මන්ද යත්, හොඳ වානේ පන්නරයක් ලැබෙන්නේ දැඩි ගින්දරකිනි.
නොඉවසිලිමත් වීමට ශක්තියත්, නිර්භීත වීමට ඉවසීමත්, නිරන්තරයෙන් තමා කෙරෙහි අපරමිත විශ්වාසයක්
තැබීමට ඔහුට උගන්වනු මැනවි. එවිට පමණක් ඔහු සමස්ත මානව වර්ගයා කෙරෙහි අනන්ත වූ
විශ්වාසයක් දක්වන්නේය. ගෞරවනීය ගුරුතුමනි, මෙය විශාල ඇනවුමකි. එහෙත්, කළහැකි දේ කුමක්දැයි බලනු මැනවි. මේ අපූර්වතම කුඩා පැටියා මගේ ආදරණීය
පුතුමය.”
ඇමරිකානු ජනාධිපති එ්බ්රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ ජිවිත කතාව මෙතනින් කියවන්න
Thursday, April 30, 2020
Abraham Lincoln - එබ්බ්රහම් ලින්කන්
1809 පෙබරවාරි 12 වැනි දා ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ හෙජන්විල් අසල ගොවිපළකදී
ඇමරිකානු එක්සත් ජනපදයේ සදා නොමියෙන නමක් ඇති කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු උපත ලැබුවා.
දරිද්‍රතාවයෙන් පීඩිත වූ මේ කුඩා නිවසේ උපන් කොලු පැංචා දිනෙක ඇමරිකාවේ ජනාධිපති
වේ යැයි කවුරුත් නම් හීනෙකින්වත් සිතුවේ නැහැ. මේ කොලු පැංචාගේ නම වූයේ එබ්රහම්
ලින්කන්ය. ඔහුගේ පියා තෝමස් ලින්කන් වූ අතර හෙතෙම වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්.
එහෙත් ඔහුගේ පි‍්‍රයතම රැකියාව වුණේ දඩයමයි. ළමා වියසාරවත් පසක් ඇති ප්‍රදේශ
සොයමින් නිතර නිතර පදිංචි වූ ස්ථාන වෙනස් කළ වඩුවකු වූ තෝමස් ලින්කන් 1816 දී නැවතත් පදිංචිය වෙනස් කළා. එවර ඔවුන්
පදිංචියට තෝරා ගත්තේ ඉන්දියානා ප්‍රදේශයේ පිජන් කි‍්‍රක් පෙදෙසයි.මේ වන විට
ඔවුන්ට දියණියක් ද ඉපිද සිටි අතර වගුරු බිම් සහිත වූ මෙම ප්‍රදේශය ජීවත් වීමට නම්
කිසිසේත්ම යෝග්‍ය වුණේ නැහැ. මෙම ප්‍රදේශයේ දරුණු ලෙසින් මැලේරියාව පැතිර යමින්
තිබුණු අතර ඊට ගොදුරු වුණු ඒබ්‍රහම් ලින්කන්ගේ මව මරණයට පත් වුණා.බිරිඳගේ මරණින්
වසරකට පසු තෝමස් ලින්කන් තවත් විවාහයක් කර ගත්තේ විශේෂයෙන්ම දරුවන් දෙදෙනාට මව්
කෙනෙකුගේ රැකවරණය අවශ්‍ය බව හැඟී ගිය නිසා ය. සේරා ජෝන්සන් නම් වූ මේ කුඩම්මා ඉතා
කරුණාවන්ත කෙනෙක් වුණා. ගව මඩුවක් මෙන් අපිළිවෙළට අපිරිසිදුවට තිබූ නිවස පිළිවෙළකට
සකසන්නට සේරා සමත් වුණා. ඉන් අනතුරුව ඇය දරුවන්ට අකුරු ශාස්ත්‍රය ඉගැන්වීමට
කටයුතු කළා.මේ සඳහා සේරාට දැඩි පරිශ්‍රමයක් යොදන්නට සිද්ධ වුණේ අකුරු ශාස්ත්‍රය
ඉගෙනීම කෙරේ තෝමස් ලින්කන්ගේ එතරම් අවධානයක් නොතිබූ හෙයිනි. දරුවන්ගේ හිත් දිනා
ගනිමින් ඔවුන්ට දැඩි සේ ආදරය කළ සේරා කුඩම්මාට ඒබ්‍රහම් ද දැඩිව ආදරය කළා. ඔහු
කුඩම්මාට ආමන්ත්‍රණය කළේ මව කියා නොව ‘දේව
මාතාව’ කියායි. ඒබ්‍රහම් ඉගෙනීමට දැක්වූයේ
ඉමහත් උද්යෝගයක්. ඔහු පාසලේ ගත කළ කාලය ඉතාමත්ම කෙටි වුණත් නිවසේ සිට අධ්‍යාපනයේ
යෙදෙන්නටයි උත්සාහ කළේය.
කඩදාසි සුලබ නොවුණ ඒ යුගයේ ඒවා අලෙවි වූයේ ඉතා
ඉහළ මිලකටයි. මේ නිසා ලින්කන් ලිව්වේ ලෑල්ලක අඟුරුවලින්. සමහර අවස්ථාවල නිවසේ
බිත්තිවල පළන ලද ලීවල සමතල පෘෂ්ඨයෙහි ගණන් සෑදීම කළා. මේවා අකුරු සහ ඉලක්කම් වලින්
පිරීගිය කල්හි ඒ මතුපිට පිහියකින් සූරා දමා අලුත් මතුපිටක් සකසා ගැණුනා. ගණිතයට
අවශ්‍ය පොතක් මිලදී ගන්නට තරම් වත් වත්කමක් නොතිබුණු නිසා හෙතෙම පොතක් ණයට
ඉල්ලාගෙන එය ලිපි ශීර්ෂ කඩදාසි වල පිටපත් කර ගත්තා. පසුව එම කඩදාසි නූලකින් මසා
පොතක් සාදා ගත්තා.ඉගෙනීම කෙරේ දැඩි අවධානයකින් සිටි නිසාම කෙතරම් ආර්ථික අපහසුතා
පැන නැඟුණත් ඉන් අධෛර්්‍යයට පත් නොවී දිගමට තමාට හැකි ආකාරයෙන් අධ්‍යාපනය ලබා
ගන්නටයි ලින්කන් වෙර දැරුවේ.එහෙත් ලින්කන්ට නොකඩවාම පාසල් යන්නට ලැබුණේ නැහැ. අග
හිගතා ක්‍රමයෙන් වැඩිවත්ම පාසල් ජීවිතයට ආයුබෝවන් කියන්නටයි ඔහුට සිද්ධ වුණේ.
එහෙත් කියැවීමේ පුරුද්ද අත්හැරියේ නම් නැහැ. පොත් කියවීම නිසා ඔහු ඉදිරියේ නව
මායාකාරී ලෝකයක් විවෘත වුණා.කිසි දිනෙක මෙවන් ලොවක් දැක නොතිබූ ලින්කන් මේ නිසා
වෙනස්ම මිනිසෙකු බවට පත්වුණා. මේ නිසා ඔහුගේ සීමා මායිම් පුළුල් වුණු අතර නව
දෘෂ්ටියකින් ලෝකය දෙස බලන්නට ඔහු ඉගෙන ගත්තේ මේ පොත පතෙන් ලද දැනුමෙනි.
පොත් කියවීම කෙරේ ලින්කන්ගේ තිබුණු නැඹුරුව දුටු
ඔහුගේ කුඩම්මා ලින්කන්ට පොත් පහකින් යුත් කුඩා පුස්තකාලයක් මිලදී ගෙන දුන්නා.
බයිබලය, ඊසොප්ගේ උපමා කතා, රොබින්සන් කෲසෝ, වන්දනා ගමනේ ප්‍රගතිය සහ සින්බෑඩ් නැමති නැවියා යන පොත් පහයි ඊට
අන්තර්ගත වුණේ.පහසුවෙන් කියැවිය හැකි වූ ඊසොප්ගේ උපමා කතා සහ බයිබලය, ඔහුගේ පුරුදු, කතා කිරීමේ පුරුදු, සංවාද
විවාද ඉදිරිපත් කිරීමේ ක්‍රම කෙරෙහි දැඩි ලෙස බලපෑම් එල්ල කරන්නට සමත් වුණා. වැඩි
වැඩියෙන් පොත් කියවන්නට නැඹුරු වූවද පොත් මිලදී ගන්නට තරම් වත්කමක් ලින්කන් සතුව
තිබුණේ නැහැ. ඒ නිසා ඔහු පුවත්පත්, පොත්,
මුද්‍රිත ඕනෑම දෙයක් ණයට ගෙන කියවන්නට පුරුදු
වුණා. ඔහියෝ නදියේ පහළට ගමන් කළ හෙතෙම ‘ඉන්දියානාවේ
සංශෝධිත නීති’ පිළිබඳ පොතක් නීතිඥයෙකුගෙන් ණයට
ඉල්ලාගෙන කියෙව්වා. එක්සත් ජනපදයේ නිදහස සහ ව්‍යවස්ථාව ඔහුට ප්‍රථම වරට කියන්නට
ලැබුණේ එමගිනි. ඉඩම් හිමි අසල්වැසි ග ොවියෙකුගෙන්, චරිතාපදාන දෙක තුනක් ණයට ඉල්ලා ගත් ලින්කන් රැයක් දවාලක් නැතිව ඒවා
කියන්නට වුණා. ඒ අතරින් ඔහුගේ හිත ගිය චරිතාපදනය වූයේ වොෂිටන්ගේ කතාන්තරයයි. ඔහු
වැඩ කරන්නට යන සෑම තැනකටම මෙම පොත් රැගෙන ගොස් ලැබෙන සෑම විවේකයදීම ඒවා කියවන්නට
වුණා. හාස්‍ය රසය උත්පාදනය කරමින් දක්ෂ ලෙස වචන හැසිරවීමට මොහු අති දක්ෂයකු වූයේ
තමා කියැ වූ පොත පතෙන් ලැබුණු ආභාෂයට පිං සිදුවන්නටයි.
දේශපාලනයට පිවිසීම
1828 දී ඕෆට් නම් වූ ගොවියකු සමග ‘නිව් ඔර්ලයන්ස්’ නගරයට එළවළු, පලතුරු ආදිය ගෙන යන පාරු කරුවකු ලෙසින්
ලින්කන් සේවයට එක් වුණා. මෙම ගමනේ දී ඔහුට ප්‍රථම වරට කළු ජාතික නීග්‍රෝ වහලුන්ගේ
දුක්ඛිත තත්ත්වය දැක ගන්නට ලැබුණු අතර ඊට එරෙහිව යම් පියවරක් ගත යුතු බව ලින්කන්ගේ
සිතෙහි හටගත්තේ එදිනයි.ටික කලකින් නිව් සේලම් හි ඕෆට්ගේ ගබඩාවක කළමණාකාර ධූරයක්
ලින්කන්ට හිමි වූ අතර එහිදී ද මුල් තැන දුන්නේ පොත් පත් කියැවීමටයි. ක්‍රමයෙන් ප්‍රදේශයේ
උගතා බවට පත් වූයේ ලින්කන්ය. නිතරම දේශපාලන වාද විවාද වලට පැටලුණු ලින්කන්ට
දේශපාලනයට නැඹුරු වීමට අත හිත දෙන ලද්දේ ජේම්ස් රට්ලේජ් නමැත්තෙකු විසිනි. මේ
අතරතුරේ දී ඕෆට්ගේ ව්‍යාපාරය බංකොලොත් වී ගියා. ලින්කන් තවත් මිතුරකුත් සමඟ එක් වී
වෙළෙඳාමක් ආරම්භ කළා. එහෙත් ව්‍යාපාර කටයුතු වලට වඩා පොත පතට ඇලී ගැලී සිටීම නිසා
එයද පිරිහී යන්නට වැඩි කලක් ගත් වූයේ නැහැ.මීළඟට ලින්කන්ගේ රැකියාව වූයේ ලියුම්
බෙදීමයි. නිව් සේලම් හි තැපැල් ස්ථානාධිපති ලෙසින්ද කටයුතු කළේ ඔහුයි. සිය හිස්
වැස්ම තුළ ලිපි රඳවා ගෙන ගෙන් ගෙට ගොස් ලිපි බෙදීම ඔහුගේ සිත් ගත්තා.ති්රකෝණමිතියත්,
ලඝු ගණකයත් හදාරා මිනින්දෝරුවකු වන්නටයි ඔහුගේ
ඊළඟ අභිප්‍රාය වූයේ හෙතෙම උප මිනින්දෝරුවෙකු ලෙසින්ද කටයුතු කළා. ලින්කන් කියවූ
පොත් පත් වලින් වැඩි හරියක්ම වූයේ නීති පොත් ය. මේ නිසා නීතිය හදාරා නීතීඥයකු වීමේ
අදහසත් ඔහු සිත තුළ හට ගත්තා. ඒ අනුව ඔහු නීතිය හදාරන්නට වුණා. නීතිඥවරයකු බවට පත්
වුණු ලින්කන් මේරි ටොඩ් නමැති කාන්තාවක හා විවාහ වුණා.
1847 දී කොංග්රස් අසුනක් ලබා ගැනීමේ
අදහසින් ලින්කන් වොෂිංටනය බලා ගියා.1847
සිට 1849 දක්වා කාලය ඔහු වැය කළේ වහල් සේවකයක්
නිදහස් කර ගැනීම වෙනුවෙනි. එහෙත් එය සාර්ථක කර ගන්නට ඔහුට පුළුවන් වුණේ නැහැ.
සෙනෙට් සභා අසුනකට තරග කළ ලින්කන්ට හිමි වූයේ පරාජයයි. වසරක් ඇතුළත රිපබ්ලිකන් පක්ෂය
සංවිධානය කරගන්නට ලින්කන්ට පුළුවන් වුණා. 1860 මැයි මාසයේ දී රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සම්මේලනයේ දී ඒබ්‍රහම්
ලින්කන් ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස තෝරා ගන්නට තීරණය වුණා. එම ඡන්දයෙන් ජයගත්
ලින්කන් ඇමරිකාවේ ජනාධිපති ලෙසින් තේරීපත් වුණා. වර්ෂ 1861 පෙබරවාරියේ දී වොෂිංටනයට ගිය ඒබ්‍රහම්
ලින්කන් මාර්තු 4 වැනි දින ජනාධිපති ධූරයේ වැඩ බාර
ගත්තා.ලින්කන්ගේ පත්වීමට දකුණු ප්‍රාන්තය විරෝධය පෑ අතර දකුණු කැරොලිනා වාසීන්
අපේරල් 12 වැනිදා සටන් ආරම්භ කළා. සිවිල්
යුද්ධයකට කැමැත්තක් නොදැක්වූවද දක්ෂිණ වාසීන් හා සටන් කරන්නටයි ලින්කන්ට සිද්ධ
වුණේ. ලින්කන් දෙවැනි වරටද ජනාධිපති ලෙස තේරීපත් වුණු අතර 1865 දී වහල් බව නීති විරෝධි කරමින් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිකුත් කෙරුණා. ඒ
වන විට ද යුද්ධය පැවතුණ අතර යුද්ධය ආරම්භ කළ අයම එය නවත්වන තුරු සටන දිගටම ගෙන
යන්නටයි ලින්කන් තීරණය කළේ. අවසානයේ දී යුද්ධය නිමාවට පත් වුණා.යුද්ධය අවසන්
වීමෙන් පසුව ජනාධිපති තම බිරිය සමඟ නාට්‍යයක් නැරඹීමට වොෂිංටනයේ ෆෝඩ් නෘත්‍ය
ශාලාවට ගිය. එහිදී ජෝන් විලික්ස් බූත් නැමැත්තෙකු ලින්කන් ජනාධිපති තුමාට වෙඩි තබා
ඝාතනය කළා.වඩුවෙකු, ඔරු පදවන්නෙකු, මිනින්දෝරුවෙකු ලියුම් බෙදන්නෙකු, තැපැල් මහතෙකු හා නීතිඥයෙකු ලෙසින් ජීවිතයේ යුග
කිහිපයක්ම පසු කර කෘතහස්ත දේශපාලනඥයකු ලෙස කටයුතු කළ ඒබ්‍රහම් ලින්කන් අදටත්
ඇමරිකානු ජනතාවගේ අමරණීය චරිතයකි. ඔහුගේ ජීවිතයෙන් අපට උගත හැකි දේද බොහෝයි.
උපුටා ගැනීම ඉරූෂා ග්‍රේරැ
Thursday, April 23, 2020
Don't Buy Stock මේ වේලාවේ කොටස් ගන්න එපා
කොලබ කොටස් වෙළදපල මේ දිනවලදී රටේ ඇති වී ඇති තත්වය නිසාවෙන්
තාවකාලිකව වසා දැමීමට ඔවුන් කටයුතු කර ඇත. මේ වන විට කොලබ කොටස් වෙළදපල විසාල ලෙස පහල ගොස් තිබේ ඉතා වටින
කොටස් 50% වඩා පහත වැටි ඇත. එම කොටස් වල
මිල නැවත කිසිදා මිලදී ගැනීමට නොයන මිලකට පැමිණ ඇත. නමුත් දැන්ම කොටස් වෙළදපලේ කොටස්
මිලදී ගැනීම සුදුසුද...?
ඇමරිකා එක්සත් ජනපදය කොරෝනා වයිරස් තත්වය නිසාවෙන්
ඉතා විශාල ලෙස පිඩාවට පත්ව තිබේ. බොරතෙල් මිල රින අගයක් දක්වා පහලට පැමිණ ඇත ඒ ඇමරිකාවේ තත්ත්වයයි. දැන් බලමු
ලංකාවේ තත්වය ලංකාවේ කොරෝනා රෝගීන් හමු වීම අඩු වූ වත් එය වැඩි වීමට ඉඩකඩ භෝමයක් ඇත.
මෙම කොරෝනා තත්වය නිසාවෙන් රජය විසින් සහන රැසක් ලබා දි ඇත ඒ අතර බැංකු නය ගෙවීමේ කාලසීමාව මුල්‍ය ආයතන වලින් ලබා ගත්
නය අයකර ගැනීමේ කාළ සිමාව දීර්ග කොට ඇත එය ප්‍රදාන වශයෙන් බැංකු සහ මුල්‍ය සමාගම්
වල කොටස් මිල කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරනු ඇත.
හෝටල් හා සංචාරක කර්මාතය පහතටම වැටි ඇත සංචාරක
කර්මාන්තය යලි හිස එස විමටනම් ලෝකයේ
පවත්නා ගෝලීය අවදානම් තත්වය පහල යාම අත්‍ය අවශ්‍යය නමුත් එවැනි තත්වයක් තවම පෙනෙන්නට නැත..
එමෙන්ම අපනයන සමාගම්ද මෙමෙ තත්වය අත් විදීමට සිදු
වී තිබේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නේ යුරෝපය හා
ඇමරිකා එක්සත් ජනපදයි. එම නිසා එම ව්‍යාපාර වලටද මෙම බලපෑම ඍජුව බලපානු ලබයි.
ඉහත කරුණු දෙස සලකා බැලීමේදී මා හට හැගී යන්නේ
දැනට කොටස් මිල කොතරම් පහත බැස තිබුනද ඉදිරියේදී තවත් මිල පහත යාමට හැකි බවයි... මෙය මා හට
හැගුනු දෙයක් පමණකි මෙමෙ තත්වය ඕනෑම අවස්ථාවක වෙනස් වීමට භැක.
කොලබ කොටස් වෙළදපොළ තව කොපමන පහත වැටෙයිද කියන්න
තවම කවරුවත් ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැත. එහෙනම් දැන් තියේන ප්රශ්නය තමයි කුමන
අවස්ථාවේද කොටස් මිලට ගන්න සුදුසු කියන ඒක ඒ සදහා පහත රුපය බලන්න....
ඉහත රුපයට අනුව අපට A කියන ස්ථානය සොයා ගැනීමට
අපහසු නිසා කොටස් මිල ඉහල යාමට පටන් ගැනීමේදී B කියන ස්ථානය සොයා ගැනීම පහසු වනු ඇත
එම අවස්ථාවේදී ඔබගේ මුදල් කොටස් වෙලපොලේ
ආයෝජනය කරන්න. එතකම් ඉවසීමෙන් සිටින්න..
Monday, April 13, 2020
BLUE CHIP STOCK SINHALA මොනවද මේ බ්ලු චිප් කොටස් කියන්නේ
බ්ලු
චිප් සමාගම් කියන වචනය ආයෝජනය කරන අයට
බොහෝ විට අසන්නට ලැබෙන වචනයක් බ්ලු චිප්
කියන වචනය අහලා තිබුනත් ඇයි ඒ සමාගම් වලට බ්ලු චිප් සමාගම් කියන්නේ හා එම සමාගම්
වල කොටස් මිලදී ගැනීමෙන් ආයෝජකයන් සුරක්ෂිත
ඇයි කියලා දැන ගන්න මේ ලිපිය කියවන්න.
බ්ලු
චිප් කියන වචනය බාවිතා කරන්නේ පෝකර් කියන සුදු ක්‍රීඩාවේ. ඉතින් මේ පෝකර් කියන
සූදු ක්‍රීඩාවේ බාවිතා වෙන වර්ණ කීපයක් තියෙනවා සුදු,රතු හා නිල් යන වර්ණ. සුදු වර්ණයට හුරු චිප් වලින් අවම වටිනාකමක්
පෙන්නුම් කරන අතර රතු වර්ණයෙන් සාමාන්‍ය අගයක් පෙන්නුම් කරනු අතර. බ්ලු චිප් වලින්
ඉහලම අගය පෙන්නුම් කරයි. ඉතින් පෝකර් කියන
සූදු ක්‍රීඩාවෙන් තමයි මෙම වචනය කොටස් වෙළදපලට පැමින තිබේ.
බ්ලු
චිප් සමාගම් යනුවෙන් හදුවන්නේ බොහෝ දෙනා හොදින්
දන්නා හොදින් ස්ථාපිත වූ හා හොදින් ප්රාග්ධරණි කරණය වී ඇති සමාගම්ය. එමෙන්ම එම සමාගම් සිය අංශයේ ප්‍රමුක සමාගම ලෙස සලකනු ලබන අතර ප්‍රමුක බාන්ඩ හා සේවා
නිෂ්පාදනය කරයි. උදාහරණයක් ලෙස බැංකු සේස්ත්රය ගතහොත් එම අංශයේ ඉහලින්ම සිටින්නේ
සම්පත් බැංකුව,කොමර්ෂල් බැංකුව සහ හැටන් නැෂනල් වැනි
බැංකු සමාගම්ය..
බ්ලු
චිප් කොටස් ලෙස සලකන්නේ ඉහත කි සමාගම් වලට අයත් කොටස්ය. බ්ලු චිප් සමාගම් වසරින් වසර ස්ථාවර ඉපැයීම් ලබා දෙන අතර
. එබැවින් එම සමාගම් සාමාන්‍යයෙන් ආරක්ෂිත ආයෝජන ලෙස සලකනු ලබයි ඒ ආර්ථික
පසුබෑමකදී පවා ලාභ උපයා ගැනීමට ඇති හැකියාව නිසාය. අනෙක් කරුණ වන්නේ ඉතා ස්ථාවර
වර්ධන වේගයක් ගන්නා බැවින් හොඳින් ස්ථාපිත
නොවූ අනෙකුත් සමාගම් වලට වඩා අඩු අස්ථාවරත්වයක් ඇති නිසාය.
ආර්ථික
අවපාත කාලවලදී හා අහිතකර ආර්ථිකතත්වයක් ඇති කාලවලදී එම සමාගමට හා කොටස් වලට අඩු බලපෑමක් ඇති කරනු ලබයි..නැවතත්
ආර්ථිකය ප්‍රකුර්ති තත්වයට පත් වීමේදී අනෙක් සමාගම් වලට වඩා ඉක්මණින් මෙම සමාගම්
ඉදිරියට පැමිණේ ... ( නමුත් ඕනෑම අවස්ථාවක මෙම තත්වය වෙනස් විය හැක...)
බ්ලු
චිප් සමාගම් වල ශක්තිමත් ශේෂ පත්‍ර, ස්ථාවර මුදල් ප්‍රවාහ
සහ ලාභාංශ ගෙවීමේ දිගු
ඉතිහාසයක් ඇත. උදාහරණයක් ලෙස කොමර්ෂල් බැංකුව ගතහොත් 1999 වර්ෂයේ සිට මේ දක්වා
නොකඩවා ලබාංශ ගෙවා ඇත. එම ගෙවා ඇති ලබාංශ ඉහල ප්රතිෂතයකින්ද ගෙවා ඇත. එමෙන්ම මෙම
සමාගම් එම අංශයේ හෝ කර්මාන්තයේ ප්රමුඛයෙකි. සමාගම සාමාන්‍යයෙන් හුරුපුරුදු හා
පහසුවෙන් හඳුනාගත හැකි නමකි, එමඟින් ආයෝජකයින්ට ඔවුන්ගේ කොටස් එකතු
කිරීමේදී තවත් අමතර විශ්වාසයක් ලබා දේ.සහ ආර්ථික පසුබෑමකදී ඔවුන් ව්‍යාපාරයෙන්
ඉවත්වීමේ අවදානමක් නොමැත.
මුලික අදියරේ සමාගමක ඉහල ආර්ථික වර්ධන
වේගයක් පෙන්නුම් කලද එම ව්‍යපාරවල ආයෝජනය කළ කොටස් හිමියන්ට ඔවුන් ලබාංශ ලබා දීමට කැමැත්තක්
නොදක්වන්නේ එම සමාගම්වල අනාගතය සදහා
ආයෝජනය කිරීමට එම මුදල් යොදා ගන්නා නිසාය සාමාන්යෙන් අඩු අවදානම් ගැනීමට කැමැති අය
සහ කොටස් වෙළදපලට පැමිණෙන අදුනිකයන් මෙම කොටස්වල ආයෝජනය කිරීම සුදුසු යැයි මට හැගේ
.....
ඔයාලාගේ අදහස් යෝජනා හස දැන ගන්න මොනවා හරි තියෙනවනම් පහලින් Comment එකක් දන්න...
Friday, April 10, 2020
stock market average sinhala කොටස් වෙළදපොළ මිල ඇවරේජ් කිරීම
කොටස් මිල
ඇවරේජ් කරනවා කියන්නේ තවත් එක් ආයෝජන උපාය මාර්ගයක් වන අතර මෙහිදී
සිදුවන්නේ කලින් ආයෝජනය කරපු කොටස් වල මිල ඉහල ගිය විට හෝ මිල පහල ගිය විට නැවත
කොටස් මිලට ගේන එම කොටස් වල මිල මධ්‍යස්ථ මිලකට ගෙන ඒමයි.මුලික වශයෙන් ඇවරේජ් කරන
කරන ක්‍රම දෙකක් තියෙනවා.
01 AVERAGE UP
02 AVERAGE DOWN
01 AVERAGE UP
AVERAGE UP ක්‍රමය වැඩි දෙනෙකුට හුරු පුරුදු
නොවුනද එයද ඇවරේජ් කරන තව ක්‍රමය.කි මෙහිදී සිදුවන්නේ කොටස් මිල ඉහල යනවිට වැඩි
මිලට කොටස් මිලට ගැනීමයි .කෙනෙකුට සිතෙන්නට හැකියි වැඩි මිලට අරගෙන කොටස් මිල
ඇවරේජ් කරන්නේ කියලා. මෙම ක්‍රමය වැඩි පිරිසක් බාවිතා කරන්නේ දිගු කාලින ආයෝජකයන්ය
කුමක්නිසාද ඔවුන්ට වරින්වර මුදල් ලැබෙනවිට ආයෝජනය කරන නිසාවෙනි සහ ප්‍රතිලාබද දිගුකාලින නිසාවෙනි තවද මෙම ක්‍රමය
Ava rage Down ක්‍රමය මෙන් ලෙහේසි කාර්යක්ද නොවේ.එහිදී සලකා බැලිය යුතු කරුණු කිපක්
තිබේ.එමෙන්ම සියලුම සමාගම් ද AVERAGE UP කිරිමට සුදුසු නොවේ. අපි උදාහරණයක් විදියට Ceylon Tobacco Company PLC සමාගම අරගෙන බලමු .
Ceylon Tobacco සමාගමේ 2008 වර්ෂයේ කොටසක් මිල 65 බැගින් කොටස්
100 මිලදී ගත්ත යැයි සිතන්න ඉන් පසුව 2009 වර්ෂයේ කොටසක් 150 බැගින් කොටස් 100
මිලදී ගතහොත් සම්පුර්ණ ආයෝජනය වටිනාකම 21500 වන අතර කොටසක් වටිනාකම රුපියල් 107.50
වී ඇත... නැවතත් 2010 වර්ෂයේදී කොටසක මිල
250 බැගින් කොටස් 100 මිලදී ගට්ර්හ හොත් සම්පුර්ණ ආයෝජන වටිනාකම 46500 වූ අතර කොටසක්
අවටිනකම වනුයේ රුපියල් 155 කි මෙය ඇවරේජ්
අප් ක්‍රමයට උදහරනයකි..
AVERAGE UP කිරීමේදී දැනුම ඉතා පුළුල් ලෙස තිබිය
යුතුය ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ලෝකයේ ආර්ථිකය පිලිබදව අවබෝදයෙන් සිටිය යුතුය. Ceylon
Tobacco සමාගම ඇවරේජ් අප් කිරීමට සුදුසු වී තිබුනේ ඔවුන්
නිපදවන නිෂ්පාදනය එකාදිකාරයක් පවතින නිසාය ඔබ තොර ගන්න සමාගම මිල පහත වැටීමකට ලක්
වූ හොත් පාඩුව ඉතා විශාල වනු ඇත....
AVERAGE DOWN
මෙම ක්‍රමය සියලු දෙනාම වාගේ සිදු කරන තවත් එක්
ආයෝජන උපාය මාර්ගයකි මෙහිදී සිදු වන්නේ අප ආයෝජනය කළ සමාගමේ කොටස් මිල පහළ යන
විටදී එම සමාගමෙ කොටස් මිලදීගෙන පාඩුව අවම කර ලාබය විශාල කර ගැනීම ඇවරේජ් ඩවුන්
කිරීමේ මුලික අරමුනයි .. මේ සදහා උදාහරණයක් බැලුවොත් අපි සම්පත් බැංකුවේ කොටස්
100ක් මිල 150 බැගින් මිලදී ගන්නා අතර පසුව එම කොටස් මිල අඩු වී 125 පමණ වූ විට
කොටස් 100 ක් මිල 125 බැගින් මිලදී ගතහොත් සම්පුර්ණ ආයෝජන වටිනාකම 27500 වූ අතර
එක් කොටසක් මිල වන්නේ 137.50 කි. එම කොටසේ මිල නැවත 150 වූ විට එක් කොටසකින්
රුපියල් 12.50 ලාබයක් හිමි වේ. මෙම ක්‍රමය මගින් ලාබ ලැබීමට මුලින් මිලදීගත් මිලට
වඩා කොටසක මිල වැඩි වීමට අවශ්‍ය නොවේ. එනම්
මිල රුපියල් 137.50 සිට වැඩිවන විට ඔබට එම
කොටසින් ලාබය උත්පාදනය වේ.
මෙම ලිපිය ලියන අවස්ථාව වන විට කොලබ කොටස් වෙළදපොළ
ඉතා පහල මට්ටමකට පහත වැටි ඈත. බහුථරය6අක් ආයෝජකයන් මෙම අවස්ථාවේ පාඩු ලබා ඈත එම
නිසා AVERAGE DOWN ආයෝජන ක්‍රම උපාය ක්‍රියාවට නන්ව බලන්න... කුමක් හෝ අපැහැදිලි
තැනක් හෝ ඔබගේ ඉල්ලීම් තියෙනවනම් පහතින් comment එකක් දාන්න. ඉදිරියේදී අලුත්
ලිපියකින් හමු වෙමු.
Crypto Currency Exchange
Cryptocurrency Prices by Coinlib
Popular Posts
-
ඉතින් කට්ටිය කොහොමද .... දැන් දැන් වැඩිය බ්ලොග් එක පැත්තේ එන එකත් පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා ..... ඉස්සර වගේ නේමේ දැන් රාජ...
-
සමාගමක කොටසක් යනු කුමක්ද ? කොටසක් යනු යම් සමාගමක ඔබගේ අයිතියයි. සමාගමක කොටස් වර්ග කිහිපයක් තිබේ 01 සාමාන්‍ය ඡන්ද හිමි කොටස් - Ordi...
Categories
Anti virus
(5)
BIZ News
(2)
Games
(11)
Information
(1)
INVESTING
(4)
Mobile
(3)
Move
(6)
News
(2)
Softwareya
(27)
Success Stories
(8)
Theme
(3)
trakNtips
(17)
TV SERIES
(1)
wallpapers
(2)
Windos
(5)
Windos 7
(2)
Windos 8
(1)
WindosXP
(2)
කොටස් වෙළදපො
(13)
FACE BOOK PAGE
Don't Buy Stock මේ වේලාවේ කොටස් ගන්න එපා
කොලබ කොටස් වෙළදපල මේ දිනවලදී රටේ ඇති වී ඇති තත්වය නිසාවෙන් තාවකාලිකව වසා දැමීමට ඔවුන් කටයුතු කර ඇත. මේ වන විට කොලබ කොටස් වෙළදපල ...
Copyright ©
Rich Lanka Magazine | Powered by Blogger
Design by Flythemes | Blogger Theme by NewBloggerThemes.com